"ම්..හායි"
"ඔයා😳"
"ඔයා නෙතුම් නේද"
"ඔයා මොකද මෙහෙ කරන්නේ"
"ඕ..මමද...අපේ අප්පච්චි තමා මෙහෙ වයිස් ප්රින්සිපල්"
"ආ ...එහෙමද"
"ම්ම්...ඉතින් ලමයෝ කොහොමද?...හොදින් ඉන්නවද කාලෙකින් දැක්කේ මන් හිතන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ...!"
"මම නම් හොදින් ඔයාට කොහොම්ද..?ඔව් අවුරුදු දෙකකට විතර පස්සේ තමයි"
"ඒකනේ...ඔයා මොකෝ මෙහෙ කරන්නේ...මන් හිතුවේ තාම ඉන්දියාවල ඇති කියලා"
"නෑ...ආක්ශා..මන් ඇවිල්ලා දැන් සති දෙකක් විතර ඇති...මන් මේ ඩාන්සර් කෙනෙක් වෙන්න ඉගෙනගන්නවා.."
"ඕ ..ඒ කියන්නේ ඒ කාලේ ඉදන් තිබ්බ පිස්සුව එහෙම්මමයි නේ..."
"ඔව් ඔව්...ඔයා දන්නවනේ ඩාන්සර් කෙනෙක් වෙන්නම විතරක් නෙවේ. මන් මේ රටට කොච්චර ආදරේද කියලා"
"ඒක ඇත්ත...ඉතින් ලමයා..පාඩන් වැඩ හොදින් කරගෙන යනවද"
"ඔව් ලොකු අවුලක් නෑ...මේ ලගදිනේ පටන්ගත්තේ...මහා ලොකුවට කියලා උගන්නලා නෑ ඉතින්"
"උදව්වක් ඕනේ උනොත් කියන්නකෝ..මන් උඩ බැජ් එකේ...අප්පචිට මන් කියන්නම්කෝ නෙතුම් ඇවිල්ලා කියලා"
"හරි...අංකල්ලව දැක්කෙත් නෑ ගොඩ කාලෙකින් ..එයාලා හොදින් ඉන්නවා ආකර්ශා"
"ඔව් එයාලනම් හොදින්...මොකද අනේ මේ ආකර්ශා ආකර්ශා ගාන්නේ පිට මිනිස්සු වගේ.ඔයා වෙනස් වෙලා නෙතූ."
"එහෙම නෑ ආශා...ඉතින් ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල"
"විශේශ මොකුත් නම් නෑ ළමයා...අපිටනම් තව ටික කාලයයි නේ ...ඊට පස්සේ ඉවරයි..."
"ඒකතමා නේ..😌"
ආකර්ශා...ආකර්ශා සෙව්මිනී ගජනායක...අපෙ අම්මගෙ නංගිගේ දුව.කෙල්ල අපේ වයසේ ආකර්ශා උපන් නම උනාට අපි කීවේ ආශා කියලා...ගජනායක අංකල්ලු මෙතන වයිස් ප්රින්සිපල් ...ඒවනම් දැනගෙන ඉන්න එක හොදයි...ආකර්ශා කීවේ එයාලා උඩ බැජ් එකේ කියලා ඒ කියන්නේ මහී අයියලා...ශෙහාන් අයියලාගේ බැජ් එකේ
YOU ARE READING
𝗧𝗛𝗘 𝗙𝗔𝗨𝗟𝗧 𝗶𝗡 𝗢𝗨𝗥 𝗦𝗧𝗔𝗥𝗦
Nonfiksiමතක තියාගන්න ඕන කතාවක්.... අමතක වෙන්න කලින්.... සදහටම මතක තියාගන්න ඕන කතාවක්.... මැරෙනකන්ම🤍🔥🧘♂️ ₜₕₑ fₐᵤₗₜ ᵢₙ ₒᵤᵣ ₛₜₐᵣₛ💫 b x b 𝘀𝗶𝗻𝗵𝗮𝗹𝗮