අද බ්‍රහස්පතින්දා...අද දවසම ප්‍රැක්ටිකල්.දවල් 12 යි වෙලාව නටලා නටලා මට බල්ලෙක්ට වගේ හති...හුහ් මායි චූටි මැනිකේ දෙන්නා මේන් හෝල් එක ලග ලොකු නුග ගහ යට තනකොලගොඩ උඩ හාන්සි වෙලා ඉන්නවා...මාරම සනීපයි මෙතන...
"මහන්සිද"
"හහ් නෑ පිස්සුද"
"දාඩිය නාලා"
"ම්ම්...වතුර නැද්ද"
"ඉන්න අරන් එන්නම්...ඕකෙන් මූන චුට්ටක් පිහාගන්න"
හාන්සි වෙලා ටිකකින් මහී අයියයි චූටි මැනිකෙගෙ සුදු අයියයි ආවා...දැන් ඔය මෙච්චරලා මහී අයියා මගෙ මූන පිහ පිහ හිටියෙ එයාගෙම ලේන්සුවකින්...මන් වතුර ඕන කීව හින්දා ලේන්සුව මගෙ අතට දීලා එයා කැන්ටින් එක දිහාට ගියා වතුර බෝතලයක් ඇරන් එන්න
"ආ...හෙමින් බොන්න ලමයෝ කවුරුත් ඕක උදුරන් දුවන්නේ නෑ"
"ඔයා ඉන්නකෝ..උදුරගෙන දිව්වොත් ඒහෙම මේ හා පැංචට වතුර නැතුව මැරෙන්න වෙන්නේ"
"මොන පැංචට"
"හා පැංචට අනේ හා පැංචට"
"පුහ්"
"මොකෝ"
"මොකුත් නෑ ,හිස් බඩ ගොඩක් වතුර බොන්න එපා,දවල්ට කෑවද?"
"තාම නෑ අනේ,ඇවිල්ලා විනාඩි දහයක් ඇති ඕන්නම්"
"නැගිටලා ඔය ගහට හේත්තු වෙන්නකෝ.කවන්නම්"
"ඒ ...එපා එපා මන් කන්නම්"
"කටවහගෙන ඉදගනින් පන්ඩිතකන් කියවන්නේ නැතුව"
"මොක්ද්ද අප්පා..?"
"ඇයි..?"
"සැර කරන්නේ.."
"නෑ නෑ..කෝ ඉදගන්න හරියට පිට උගුරේ යයි."
"ම්හ්ක්"
"බත් කටක් ගානේ වතුර බොන්න එපා ලමයෝ.හොදනෑ"
"ඔයා කෑවද"
"නෑ තව"
"ඕකෙන්ම කන්න එහෙනම්"
"නෑ මේ ටික සුදුනෝනා කන්න මන් පස්සේ කන්නම්"
"අනේ ඔව් කයි බේන් කියලා..ඕකෙන්ම කන්න මට මදි වෙන්නේ නෑ,මදි උනොත් මගෙ බත් එකත් තියේ"
YOU ARE READING
𝙏𝙃𝙀 𝙁𝘼𝙐𝙇𝙏 𝙞𝙉 𝙊𝙐𝙍 𝙎𝙏𝘼𝙍𝙎
Non-Fictionඔබ පෙරදා ආදරේන්... මා ලගින් උන් හැටී... එහි සැමරුම් රූ තමයි ජීවිතේ... මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා..🪻❤️ ₜₕₑ fₐᵤₗₜ ᵢₙ ₒᵤᵣ ₛₜₐᵣₛ💫 b x b 𝘀𝗶𝗻𝗵𝗮𝗹𝗮