☠️08 පරිච්ඡේදය☠️

150 35 8
                                    


අක්ෂිත්ගේ නිවසෙන් පිටතට පැමිණි ඔවුන් වාහනය වෙත ගියා.ආයු වෙත හැරුණු රොවාන් ඔහුගේ අතකින් අල්ලා ගත්තා.

"ආයු මට කොහොම හරි අක්ෂිත් ව හොයාගන්න ඕන.මට එයාව පරිස්සමට ආපහු එයාගේ තාත්තට ගෙනත් දෙන්න ඕන මොකද අපේ පණ වගේ ඉන්න කෙනෙක් එකපාරම අතුරුදහන් වෙලා ගියාම ඒක කොච්චර රිදෙනවද කියන්න මම හොඳටම දන්න නිසා. උදව්..........කරනවද............මට ?"

"දුක් වෙන්න එපා මේ ප්‍රශ්නේ ඉවරවෙනකන් අපි ඔයා එක්ක ඉන්නවා හැබැයි ඉතින් ඊට පස්සේත් අපි ඉන්න ඕනෙද කියලා තීරණය කරන්න ඕන ඔයා තමයි.නැද්ද බං ආයු ?"

ආයුට ඇහැක් ගහන ගමන් ඩෙනාශ් කිව්වා.

"හාහ්?"

"හාහ්?"

"නෑ නෑ මොකුත් නෑ ඒක පස්සේ බලමුකෝ දැන් කියපන්කො මොකද කරන්නේ කියලා?"

මඳ වේලාවක් කල්පනා කළ ආයු හඬ අවදි කරා.

"අපි දැන් දන්නවා අක්ෂිත් කවදද අතුරුදහන් වුනේ කියලා ඒ වගේම පොලිස් රිපෝට් එකට අනුව මිරෝනුත් ඒ දවසෙම අතුරුදහන් වෙලා තියෙනවා. 2024/01/11. මට ඇත්තටම අයිඩියා එකක් නෑ මිරෝන්ට මොකද වුනේ කියන්න දෙයියෝ තමා දන්නේ. ඒත් රෝවාන්ගෙ හීනෙ විදියට එදා අක්ෂිත් කෙවින්ගේ ගෙදර ඒ කාමරය නැවතිලා තියෙනවා. එහෙම නැත්නම් එයා ඒකට ගියේ කාව හරි මුණගැහෙන්න එහෙම බැලුවොත් කවුද එදා ඒ කාමරේ හිටියේ? අනික ඒ ගෙදර නවතින්න ඇයි?"

"කෙවීන් මට කිව්වා ඒක කලින් ගෙස්ට් හවුස් එකක් කියලා....නේද ?"

"ම්ම්ම්.....ඔව් අපි දැන් ඉන්න ගෙදර කලින් ගෙස්ට් හවුස් එකක්. එතන ඒක කරනකොට පාඩුයි කියලා තමා විකුණන්න දාල තිබ්බේ. පස්සේ මං ඒක අරගත්තා"

"එදා මොකද වුනේ කියලා බලාගන්න ක්‍රමයක් නෑනෙ....ෂිට්"

"ක්‍රමයක් තියෙනවා. හැබැයි මට ෂුවර් නැහැ.මෙහෙමයි....ඔය ගෙස්ට් හවුස් එක කරපු අයගේ මේන් බ්‍රාන්ච්  එක තියෙන්නේ ****වල එහෙට ගිහින් බැලුවොත් අපිට සමහරවිට මොනවා හරි හොයාගන්න පුළුවන් වෙයි. කොහොමත් එයාලා ගාව ඩීටේල්ස් තියෙනවානෙ...මොකද කියන්නේ ?"

"ගිහින් බලමු එයාලා ළඟ මොනවා හරි තොරතුරු තියෙන්න පුළුවන් "

                  *************

 1 1 1 | Completed (Short Story)Where stories live. Discover now