☠️13 පරිච්ඡේදය☠️

133 31 11
                                    

පහුවදා උදේම රොවානුයි ආයුයි දෙන්නා හාලිදෙණිය වෙත පිටත් වුණා.විනාඩි 40 කට විතර පස්සෙ ඔවුන්ට හාලිදෙණිය නගරය වෙත ළගාවෙන්න පුළුවන් වුනා.පාර අසල සිටි වෙළෙන්දෙකු ලගට ගිය ආයු අක්ෂිත් සහ අධීරා ඉන්නා ඡායාරූපය ඔහුට පෙන්නුවා.

"ඔයා මේ ෆොටෝ එකේ ඉන්න දෙන්නව දන්නවද?"

"නෑ මහත්තයා"

"එහෙනම් මේ යුනිෆෝම් එක මොන ඉස්කෝලෙද කියලා දන්න්වද?"

"ආ මේ ඉස්කෝලේ.....ඒක මේ ලග තියෙන්නේ මහත්තයා"

ඔහුගෙන් මාර්ගය අසාගත් ඔවුන් දෙන්නා ඉක්මනින්ම පාසල බලා පිටත් වුණා.මොහොතකින් පාසලට පැමිණි ඔවුන් පාසල් ගේට්ටුවෙන් පිටත වාහනය නවත්වා ඇතුලට ගියා.එය තරමක් කුඩා ප්‍රමානයේ පාසලක්.විවේක කාලය නිසා ඒ වෙනකොටත් ලමුන් බොහෝ දෙනෙක් එලියේ සෙල්ලම් කරමින් හිටියා.එතන සෙල්ලම් කරමින් හිටපු ළමයෙක් ලගට ගිය රොවාන් එයාට කතා කරා.

"පුතේ ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එක තියෙන්නේ කොහෙද?"

"අතනින් ගිහින් වමට හැරෙන්න"

ඔවුන් ලමයා කියූ විදියට ගිහිල්ලා ප්‍රින්සිපල් ගේ කාමරය හොයාගත්තා.ඒ වන විටත් ඔහු කාර්‍යාලයේ සිටි අතර ඔහු සමග තවත් පුද්ගලයෙක් එහි වාඩිවී කතාබහ කරමින් හිටියා.ඔවුන්ට ආචාර කර ඇතුලට ගිය ආයු වගේම රොවානුත් විදුහල්පතිට ඡායාරූපය පෙන්වා ඒ ලමයව දන්නවද කියලා ඇහුවා.

"මාස හතකට කලින්.........
ඇත්තටම මං දන්නේ නෑ සර්.
මොකද මං මේ ඉස්කෝලෙට ආවෙ මාස තුනකට කලින්."

එසේ කියූ විදුහල්පතිතුමා ඔහුගේ කාමරයට වී ලියකියවිලි වගයක් සකසමින් සිටි මැදිවියේ පුද්ගලයකුට කතා කරා.

"සරත්"

"ඔව් සර්?"

"ඔයා මේ කොල්ලව දන්නවද?"

ඡායාරූපය දුටු සරත්ගේ දෑස් පුදුමයෙන් විසල් වුණා.

"අක්ෂිත්!!"

"එයාව දන්නවද?"

"ඔව් සර්,ඔයා මෙහෙට එන්න කලින් එයා තමා අපේ කම්පියුටර් ලැබ් එකේ සහයකයා විදියට හිටියේ.එයා මාස දෙකක් වගේ වැඩ කරලා පස්සේ අතුරුදහන් වුණා."

 1 1 1 | Completed (Short Story)Where stories live. Discover now