☠️09 පරිච්ඡේදය☠️

149 35 10
                                    


"කවදා ඉදන්ද?"

"කවදා ඉදන්ද?"

ඩෙනාශ්ගේ මූණ නම් මේ වෙනකොට තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා.කෙවින් හොරාට ඩෙනාශ්ගේ අත් ගොබේක මූණ හංගගත්තා.රොවාන් වගේම ආයුත් ප්‍රශ්නාර්ත මුහුණින් ඒ දෙන්නා දිහා බලන් හිටියා.

"අද තමයි මං කෙවින්ට කිව්වේ මම එයාට ආදරේ කරනවා කියලා"

"අද?....ඒත්-..........."

"මං දන්නවා ඒක ඔයාලට නිකන් විකාරයක් වගේ පේනවා ඇති.ඊයේ පෙරේදා දැකලා අද ආදරෙයි කියන එක.ඒත්..............මම ඇත්තටම එයාට ආදරේ කරනවා.ඒක නිකන් හරියට අපි මුණ ගැහුන වෙලාවේ,
එක පාරට මොකක් හරි දෙයක් click කරා වගේ.කෙවින් එක්ක ඉන්නකොට මට වෙලාව යනවා තේරෙන්නේ නෑ. මට දැනෙන්නේ "මේ සම්බන්ධෙ අනිවාර්යෙන්ම වෙන්න ඕනා" කියලා කවුරු හරිනවා මුමුණනවා වගේ.මට කලින් ආකර්ෂණය ඇතිවෙලා තියෙනවා. ඒත් මේක ඊට වඩා වෙනස්. ඒක එයාගේ පෙනුම ගැනවත් එයා කතා කරන විදිය ගැනවත් නෙවෙයි. ඒක හරියට මගේ තියන මං දන්නෙවත් නැති තැන් එයා දකිනවා වගේ. මගේ ආත්මයේ තියෙන රිද්මය එයා තේරුම් ගන්නවා වගේ.සමහර විට ආදරේ දින සති වලින් මනින්නේ නැති වෙන්න පුළුවන්.සමහර විට ඒක කෙනෙක් අපේ ජීවිතේට පය තිබ්බ මොහොතෙම ගෙදර වගේ දැනෙන්න පුළුවන්.අපි ඒක හොයාගත්තම අපි දෙන්නා කොච්චර කාලයක් එකිනෙකාව දන්නවද කියන එක වැදගත් නෑ. වැදගත් වෙන්නේ සම්බන්ධෙ කොච්චර ගැඹුරුද කියන එක. ඉතින් කෙවින් එක ඉන්නකොට ඒක හරියට "අනන්තයක්"වගේ දැනෙනවා. මං ඇත්තටම හිතනවා ඔය දෙන්නට අපිව තේරෙනවා ඇති කියල."

දිගු සුසුමක් හෙළු ඩෙනාශ් තමන්ගේ අත් ගොබේට ඔලුව ගහන් හිටපු කෙවින් දිහා බැලුවා.  ඒ ඇස්වල කඳුළු පිරිලා තියෙන විදිය දැකපු ඩෙනාශ් මෘදු විදියට ඒවා පිස දැම්මා.ඒ දෙස මොහොතක් බලන් හිටපු ආයු හඬ අවදි කරා.

"අපිට අවුලක් නෑ බං. එක පාරම දැක්කම ටිකක් ෂොක් වුණා. කවුද හිතුවේ තොපි දෙන්නා මහ පාරේ හැමිනෙන්න තියාගනී කියලා.
Anyway congratulations  දෙන්නටම.හැමදාම සතුටින් ඉදපම්.එච්චරයි වෙන්න ඕනා.අහ්........කෙවින් පුළුවන්නම් අපේ එකාව පොඩ්ඩක් හදලා ගන්න..."

 1 1 1 | Completed (Short Story)Where stories live. Discover now