☠️17 පරිච්ඡේදය☠️

115 28 4
                                    

සිහිනය තුළ :

රොවාන් හිටියේ ඩ්‍රීමි ගෙස්ට් එකේ තිබුන ග්‍රාම සංවර්ධන සමිතියේ රැස්වීම මැද.එයා ඉක්මනටම එයාගේ අතේ තිබ්බ ඔරලෝසුව දිහා බැලුවා.තත්පර කටුව නැවතිලා.වටපිට බලපු රොවාන්ට එතන වාඩිවෙලා ඉඳපු අක්ෂිත්ව දකින්න පුළුවන් වෙනවා.එතනින් ටිකක් එහාට වෙන්න ඉන්න ඉඳපු මිරෝන් කාත් එක්ක හරි කෝල් එකක ඉන්නවා දකිනවා.ටික වෙලාවකින් අක්ෂිත් ළඟට ආපු  මනුස්සයෙක් එයාට කතා කරලා එයාව එක්කගෙන යනවා.

ඒක දැකපු රොවාන්  ඒ දෙන්නගේ පස්සෙන් යන්න ගත්තා.එයාලා කෙලින්ම ගියේ රොවාන් දැන් ඉන්න කාමරේට.දොර ඇරපු අර මිනිහා වගේම අක්ෂිත් කාමරය ඇතුළට යනකොටම පහළ තට්ටුවේ ඉඳන් අභීත් එක්ක රේමන්ඩ් රුද්‍රිගෝ ඒ පැත්තට එනවා දකිනවා.දොරට තට්ටු කරලා අක්ෂිත්ටගැන කියන්න හැදුවත් එයාව දොර හරහා ඇතුළට ඇදිලා ගියා.මොකද හීනේ ඇතුලේ ඉන්නකොට එයාට කිසිම දෙයක් අල්ලන්න පුළුවන් කමක් නැති නිසා.එයා දකිනවා අක්ෂිත් වගේම අර මිනිහා කාමරයේ ඇතුලේ ඉන්නවා.

එතකොටම රේමන්ඩ් රුද්‍රිගෝ එයාගේ ආරක්ෂකයොත් එක්ක ඇතුලට එනවා.එයා සුරුට්ටුවක් පත්තු කරගෙන අක්ෂිත්ගේ ඉස්සරහ තිබුන සෝෆා එකෙන් වාඩි වෙනවා.අක්‍ෂිත් ලඟට ගිය අභීත් අක්ෂීත්ගේ බෑග් එක කරගන්න උත්සාහ කරනවා.

"බෑග් එක දෙනවා"

"බෑ බෑ"

"මට බෑග් එක දීපන් යකෝ!!"

"කිව්වනේ බෑ කියලා"

අක්ෂිත් බෑග් එක දෙන්න දිගින් දිගටම ප්‍රතික්ෂේප කරපු නිසා අභීත් අත මිට මොලවලා අක්ෂිත්ගේ මූණ හරහා පාරක් ගැහුවා.එහෙම පාරක් බලාපොරොත්තු වුණේ නැති අක්ෂිත්ව විසිවෙලා ගිහින් එතන තිබුන කන්නාඩි මේසේ වැදෙනවා.

 1 1 1 | Completed (Short Story)Where stories live. Discover now