☠️04 පරිච්ඡේදය☠️

189 41 7
                                    


ආයුගෙන් ලැබුන ඇමතුමෙන් පසු සායනය වසා දැමූ ඩෙනාශ් ඉක්මනින් පාසල බලා පිටත් වුණා.ඔහු තාමත් ආයු කියපුවා හිතාගන්න බැරුව ඉන්නෙ.හීනයක් ඇත්ත වෙන්න පුලුවන් ද? නෑ...ඒක කොහෙත්ම වෙන්න බෑ.සිහිනයක් කියන්නේ අපේ හිතේ මැවෙන දෙයක් විතරයි.සමහර අය සිහිනෙන් තමන්ගේ පෙර භවය දකිනවා.ඒකත් හරිම පුංචි ප්‍රමාණයක්.නමුත් රොවාන්ගේ මේ සිද්ධිය නම් ඊට වඩා ටිකක් විතර අමුතුයි කියලා ඩෙනාශ්ට තේරුනා.ආපහු ගියාම ඒ ගැන නැවත අධ්‍යනය කරන්න ඔහු හිතා ගත්තා.පාසලට පැමිණි ඔහු විදුහල්පති කාර්යාලයට ගොස් කෙවින්ව මුණගැසීමට අවසර ලබා ගත්තා.විදුහල්පතිගෙන් පන්ති කාමරය අසා ගත් ඔහු ඒ දෙසට පියවර නැගුවා.

"හොදයි ළමයි දැන් හැමෝම මං දුන්න පේපර් එක කරගෙන ආවද?"

"ඔව් සර්"

"ම්ම්ම්....හොදයි.සන්දුල් හැමෝගෙම පේපර්ස් ටික එකතු කරලා ගුරු මේසේ උඩින් ගෙනත් තියන්න.ඒ අතරේ අනිත් කට්ටිය පොත් අරගෙන පාඩමට ලෑස්ති වෙන්න."

ටොක්.......ටොක්........ටොක්.......

"Excuse me"

දොරට තට්ටු කරන හඩින් හැරී බැලූ කෙවින් දොර ලග සිටි කෙනා දැක හොදටම පුදුමයට පත් වුණා.

"ඩො......ඩොක්ටර් ? ඔයා මොකද මෙහෙ කරන්නේ?"

"අපිට ටිකක් කතා කරන්න පුලුවන් ද කෙවින්? It's urgent"

"හරි ඉන්න....ළමයි ඔයාලා ඊළග අභ්‍යාසෙ කරන්න ගන්න.මං ඉක්මනට එන්නම්.කෑගහන්න එපා වැඩේ කරන්න.කෑගහලා අහුවුනොත් හමගහනවා කට්ටියවම" එසේ කියූ කෙවින් පන්තියෙන් එළියට ආවා.

"අම්මෝ.....ගණන් සර් හිතුවට වැඩිය සැරයිනේ"

"අනේ මේ ඩෙනාශ්,මට දැන් කියනවද ඔයා මොන කෙහෙල්මලක්ද මේ වෙලාවෙ ඉස්කෝලේ කරන්නේ කියලා?"

"හ්ම්ම් හරී......අපි කාරණාවට යමු." සීරියස් මූඩ් එකට ආපු ඩෙනාශ් කිව්වා.

"ම්ම්ම්....කියන්න"

"රොවාන් හීනෙන් දැකපු විල ඇත්තටම තියනවා."

"මොකක්?? කොහොමද එහෙම වෙන්නේ? ඔයා කොහොමද දන්නේ ?"

"ආයු තමා මටත් කිව්වේ.උදේ එයා වැඩට යනකොට රොවාන්ව හම්බෙලා.දෙන්නා එක්ක යනකොට ලොරි කාරයෙක්ගෙන් පොඩි ප්‍රශ්නයක් වෙලා මෙයාලා ගිහින් නතර වෙලා තීන්නේ Ghost Lake එක ළග.එතකොට තම රොවාන් හොදටම බයවෙලා ආයුට කියලා තීන්නේ ඒ එයා හීනෙන් දැක්ක විල කියලා.එයාලා විල පතුලේ කාර් එකක් තීනවද කියලා බලන්න හදන්නේ.අපි දෙන්නට ඉක්මනට එතනට එන්න කිව්වා.ඔයාට එන්න පුලුවන් වෙයිද?"

 1 1 1 | Completed (Short Story)Where stories live. Discover now