☠️06 පරිච්ඡේදය ☠️

246 48 9
                                    

     
"එතකොට ඔයා කියන්නේ අපි රොවාන්ගේ කාමරේ චෙක් කරොත් අපිට මොනාහරි evidence එකක් හොයාගන්න පුළුවන් වෙයි කියලද?"

"හරියටම කියන්න බෑ.ඒත් මුකුත් නොකර ඉන්නවට වඩා ඒක හොදයිනේ?"

****Ayu's phone ringing****

"චීෆ් කතා කරනවා"

"Answer කරලා speaker දාපන්."

"ම්ම්ම්"

"හෙලෝ ආර්යන් "

"හෙලෝ සර් කියන්න,මොනාහරි තොරතුරක් ලැබුනද?"

"ඔව් ආර්යන්,මීට මාස හතකට කලින් ඔය වර්ගේ කාර් එකක් අතුරුදහන් වුණා කියලා ****පොලීසියට පැමිණිල්ලක් ලැබිලා තියනවා.කාර් එක විතරක් නෙවෙයි ඒ එක්කම පිරිමි ළමයෙකුත් අතුරුදහන් වෙලා තියනවා.මේ වෙනකනුත් කිසිම තොරතුරක් නැති නිසා මේ කේස් එක අතඇරලා දාලයි තිබිලා තීන්නේ.ඔයාට පුළුවන් නම් පොලීසියට එන්න මං details ටික දෙන්නම්"

"හරි සර්,මං දැන්ම එන්නම්"

"ම්ම්ම් හරි...අහ් ආර්යන් තව දෙයක්"

"ඔව් සර්?"

"ශාන්ත මරියා පල්ලියේ ෆාදර් ජෝශප් වාහනේ අදුරගත්තා"

"හරි තේරුනා"

****Call end****

""ෆාදර් ජෝශප්??" නළලත් රැලි කරගන්න ගමන් කෙවින් ඇහුවා.

"හරියටම විස්තර දැනගන්න වෙන්නේ ගිහිල්ලම තමා.රොවාන් අපි යමු.ඩෙනාශ් කෙවින් ඔයා දෙන්නත් එනවද?"

"හ්ම්ම් යමං.දැන් වැඩකුත් නෑ කොහොමත්"

"ම්ම්ම්..මටත් අවුලක් නෑ යමු"

විනාඩි 20 කට පමණ පසු ඔවුන් පොලිස් ස්ථානය කරා ළගා වුණා.අබලන් වූ ගොඩගත් මෝටර් රථය මිදුලේ නවතා තිබූ අතර පොලීසියෙන් පිටතට පැමිණි ෆාදර් ජෝශප් තවත් පොලිස් නිලධාරියෙක් සමග එම මෝටර් රථය දෙසට පියවර නැගුවා.මෝටර් රථය ඇතුළත පරික්ෂා කල ඔහු එහි එල්ලා තිබූ කුරුසිය දැක එයට ආශිර්වාද කර පොලිස් නිලධාරියාටත් යමක් හිසින් සන් කර තමාගේ මෝටර් රථය වෙත පියවර නැගුවා.මේ කාලය අතරතුර තියුණු දුඹුරු පැහැ දෑස් යුගලක් ඔහු පසුපස සූක්ෂම ලෙස ලුහුබැන්දා.පොලිස් ස්ථානය තුළට ගිය කෙවින් සාක්ශි සහිත කවරය රැගෙන විත් රොවාන් වෙත ලබා දුන්නා.

 1 1 1 | Completed (Short Story)Where stories live. Discover now