☠️14 පරිච්ඡේදය☠️

185 41 4
                                    

“මිරෝන්??”

කියන්නේ මොනාද කියලා හිතාගන්න බැරි වුණ මිරෝන් හුඟක් අසරණ විදියට ෆාදර් දිහා බැලුවා.

“ෆාදර්”

මිරෝන්ට බයවෙන්න එපා කියලා අගවපු ෆාදර් කොල්ලෝ හතරදෙනා දිහාට හැරුනා.

“මිරෝන් නිසා.මං පුංචි කාලේ ඉදන්ම හදාවඩා ගත්ත මගේ කොල්ලගේ ජීවිතේ බේරගන්න ඕන නිසා.එයාව ටවුන් එකෙන් යවනවා ඇරෙන්න මට කරන්න දෙයක් තිබ්බේ නෑ.එයාව මෙහෙට එව්වම මං හිතුවා හැමදේම හරියයි කියලා.ඒත්....ඔයාලා එයාව හොයාගෙන පල්ලියට ආවට පස්සෙ මට තේරුණා මේක හිතන තරම් ලේසියෙන් විසදෙන්නේ නෑ කියලා.මිරෝන් ජීවතුන් අතර ඉන්නවා කියලා දැනගත්තොත් උන් මගේ කොල්ලව මරලාදායි.ඒ නිසා මං එයාව මෙහෙන් සදහටම ඉතාලි යවනවා.”

(වෙඩි හඬ)

“ෆාදර්!!!”

මේධාන්ගේ වෙඩි පහරට ලක්වුණ ෆාදර් එතනම බිම ඇදගෙන වැටුණා.හොදටම කම්පනයට පත් වුණ අනෙක් පස්දෙනා ෆාදර් ලගට දුවනගෙන යනකොට,තුවක්කුවක් අතින් ගත්ත මේධාන් එයාගේ මිනිස්සු එක්ක ඒ පැත්තට දුවන් එන්න ගත්තා.ෆාදර් වෙනුවෙන් තවදුරටත් එතන ඉදලා වැඩක් නෑ කියලා තේරුණ ආයු අනික් තුන්දෙනා එක්කම මිරෝන්වත් ඇදගෙන දුවන්න ගත්තා.ආයුගේ වෙලාව කොච්චර හොදද කියනවනම් කොල්ලා අද තුවක්කුවත් ගෙදර දාලයි ඇවිත් තිබුනේ.

“හේයි.......කොහෙද තමුසෙලා දුවන්නේ!?”

“ඒයි නැවතියන් ඔහොම!!”

“උන්ව අල්ලගන්නවා.........
කොහෙද දුවන්නේ!!?”

කොල්ලෝ පස්දෙනා පස්සෙන් මැර කණ්ඩායම පන්නන කොට මේධාන් හුගක් සංසුන් විදියට එයාගෙ තුවක්කුවත් කරකවන ගමන් ආවා.කොල්ලො පස්දෙනා පුළුවන් තරම් වේගෙන් දිවුවා.රොවාන්,
ඩෙනාශ්,කෙවින් ඉස්සරහින් වගේම ආයු මිරෝන් එක්ක එයාලා තුන් දෙනාට ටිකක් පිටිපස්සට වෙන්න දුවගෙන ආවා.ඒත් මැර කණ්ඩායමේ කොල්ලෝ ටිකක් ආයුව වගේම මිරෝන්ව අල්ලගත්තා.ආයු තමන්ව අල්ලගෙන හිටපු එකාගේ කකුල් දෙක මැද්දට ගහලා ඌව කොහොම හරි බිම දැම්මා.ඩෙනාශ් රොවාන්වයි,තුවාල වෙලා හිටපු කෙවින්වයි මැර කණ්ඩායමෙන් බේරගන්න පොරබැද්දා.මැරයෙක්ට අහුවෙලා හිටපු මිරෝන් කෑගැහුවා.

 1 1 1 | Completed (Short Story)Where stories live. Discover now