ටීක්……ටීක්……..ටීක්…….
ඔරලෝසුවේ උදෑසන හය නාදවෙන සද්දෙට තද නින්දේ හිටපු රොවාන් ඇහැරුනා.ටික වෙලාවක් එහෙම්ම ඇදට වෙලා හිටපු රොවාන් නාන කාමරේට වැදිලා හෝදගෙන ශෝට් එකකට ආම්කට් එකක් දාගෙන පහලට ගියා.එයා යනකොටත් අනෙක් තුන්දෙනා කෑම මේසේ වාඩි වෙලා තේ බොනවා.ඒ දිහාට ගියපු රොවාන් ආයුගේ එහා පැත්තෙන් වාඩි වුනාම කුස්සියට ගිය කෙවින් රොවාන්ට තේ එක ගෙනත් දුන්නා.තේ එක අතේ තියන් කල්පනා කරන එයාව දැකපු ආයු හෙමීට කතා කරා.
“මොකද වුණේ?”
තුන්දෙනාම පිළිතුරක් බලාපොරොත්තුවෙන් රොවාන් දිහා බලාගෙන හිටියා.රොවාන් හිමීට ඔලුව දෙපසට වැනුවා.
“මම ඊයේ හීනයක් දැක්කේ නෑ”
ඔවුන් තුන්දෙනාම මද වේලාවක් පුදුමයෙන් රොවාන් දිහා බලාගෙන හිටියා.ආයු මුලින්ම පුදුමය ප්‍රකාශ කරා.
“කොහොමද එහෙම වුණේ?”
“ඒකනෙ අයියේ.....හොල්මන නිවාඩුවකටවත් ගියාද දන්නේ නෑ නෙහ්?”
“සමයංද බබා ඔයාට?”
“නෑ ඉතිම් කියන්න බෑනෙ අද කාලේ වෙන දේවල් හැටියට....ම්හුක්”
“අනේ මන්දා බන්....මට හොදටම විශ්වාසයි මං ඊයේ හීනයක් දැක්කේ නෑ කියලා.රෑ නිදාගත්තු පාර මං ආපහු නැගිට්ටේ උදේ එලාම් එකට”
“ඒත් කලින් දවස් වල ඔයා හීන දැක්කනේ? ඇයි ඊයේ විතරක් දැක්කේ නැත්තේ එතකොට?”
“නෑ ඩොක්ටර්,මං හැම දවසකම දැක්කේ නෑ.සමහර දවස්වල විතරයි දැක්කේ.මං ඒ දවස් ඩයරි එකේ ලියාගත්තා.පොඩ්ඩක් ඉන්නකෝ”
එසේ කියා නැගිට ගිය රොවාන් මොහොතකින් කුඩා ඩයරියක්, A4 කොළ කිහිපයක් සහ පෑනක් රැගෙන විත් මේසයෙන් වාඩිවුණා.පෑනයි කොළයයි අතට ගත්ත රොවාන් කතා කරන්න පටන් ගත්තා.
“බලන්න...අක්ෂිත් අතුරුදහන් වුණේ ගිය අවුරුද්දේ නොවැම්බර් 01 වෙනිදා.මං මුල්ම හීනේ දැක්කේ එයා අතුරුදහන් වෙලා මාස පහකට පස්සේ,ඒ කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් 08 වෙනිදා.දෙවනි හීනේ දැක්කේ මැයි 23 වෙනිදා,
තුන්වෙනි හීනේ දැක්කේ ජුනි 29 වෙනිදා.එදා තමා මං ඔයාව හම්බවෙන්න ආවේ ඩොක්ටර්.ඒ මාස තුනේ මං පිලිවලට හීන දැක්කා.ඒත් ඊයේ,ඒ කියන්නේ ජූලි 01 වෙනිදා මම හීනයක් දැක්කේ නෑ.ඇයි දවස් තුනක් හීනේ දැකලා ඊයේ විතරක් දැක්කේ නැත්තේ? මම හරි නම්,අක්ෂිත් ගැන මම හීන දැකපු හැම රැයකටම පොදු මොකක් හරි එක දෙයක් තීනවා.”
YOU ARE READING
1 1 1 | Completed (Short Story)
Gizem / Gerilim"හීනේ සිද්ධ වෙන දේ මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්න යන්න එපා. මොකද......සිද්ධ වුණ දේ සිද්ධ වෙලා ඉවරයි" Start Date : 2024/07/19 End Date : 2024/10/30