☠️03 පරිච්ඡේදය☠️

191 42 9
                                    

"ආශ්චර්යක්"

"හහ්??"

"මේක අපි ආශ්චර්යක් කියලා හදුන්වනවා.විද්‍යාවෙදි නම් මේකට මායාව කියලත් කියනවා.මොළය.......මේකට හොදම උදාහරණය තමයි ඔයාගේ සිද්ධිය.අපේ මොළය හරියට hard disk එකක් වගේ"

"ටෙරා බයිට් කීයද?"

"මොකාක්? මොංගල්ද උබට? කට වහපන්"

"ඉතින් hard disk එකක් ගැන කිව්වේ.ඒකයි ඇහුවේ" රොවාන්ට විරිත්තන ගමන් කෙවින් හිමීට කුටු කුටු ගෑවා.

"මෝඩ අලයක්" මූණත් පුම්බගෙන ඉන්න කෙවින් දිහාට හැරුනු ඩෙනාශ් අතේ තිබුණු පෑනෙන් හිමීට කෙවින්ගෙ ඔලුවට එකක් ගැහුවා.කෙවින්ගේ මූණ දැකපු ඩෙනාශ්ගේ මූණේ හරි අපූරු හිනාවක් ඇදුනා.

"ඒකේ හැමදේම ගබඩා කරලා තීනවා" ඩෙනාශ් නැවතත් විස්තර කරන්න පටන් ගත්තා."ඔයා කවුද? ඔයාගෙ නම් මොකද්ද? ඔයා කැමති අකමැති දේ,ඔයාගෙ හැම අත්දැකීමක්ම හැම සිතුවිල්ලක්ම මොළයේ ගබඩා වෙලා තියනවා.හරියටම කිව්වොත් ඔයා දකින හීන පවා ගබඩා වෙලා තියනවා."

"හරි ඩොක්ටර් ඒත් මට කවදාවත් ඒ කොල්ලව මුණගැහිලා නැති වෙලත්, මං කොහොමද එයාව දකින්නේ?"

"නරක හීනයක්.....භයානක හීන ලේසියෙන් අපේ මතකයෙන් අයින් වෙන්නේ නෑ.දන්නවද ඇයි කියලා.මෙහෙමයි,ඔයා ඒ කාමරේදී පලවෙනි පාරට ඔය හීනේ දැක්කම ඒක ඔයාගේ මතකෙ තැම්පත් වුණා.මොකද ඒක හුගක් සිත් ඇදගන්නා සුලු නිසා.හැම මාසෙකම ඔයා ඒ හීනේ දැකපු දවස එනකොට ඔයාගේ මොළේට ඒක නිකන්ම රන් වෙනවා."

"ඒ කියන්නේ ඩොක්ටර් මං මේ හීනේ ආපහු දැක්කොත් කලබල වෙන්න ඕන නෑ නේද?"

"ඇයි ඒ?? ඇයි කකලබල වෙන්නේ? එහෙම කලබල වෙන්න දෙයක් නෑ.මම කියපු විදියට මේක ඔයාගේ මොළයේ නිර්මාණයක් විතරයි. හරියට ත්‍රාසජනක චිත්‍රපටයක් වගේ.Even the commen man can experience the dream,and be part of it. තේරුනාද?"

"ඔව් ඩොක්ටර්.Thank you so much.මේක නිසා මං හුගක් කලබල වෙලා හිටියේ.දැන් නම් හිතට සැහැල්ලුවක් දැනෙනවා."

"මෙන්න මගේ කාඩ් එක.මොකක් හරි ගැටලුවක් තීනවනම් මාව කන්ටැක් කරගන්න." දෙන්නටම කාඩ් දෙකක් දික් කරන ගමන් ඩෙනාශ් කිව්වා.

 1 1 1 | Completed (Short Story)Where stories live. Discover now