☠️15 පරිච්ඡේදය☠️

162 31 5
                                    

18+ ⚠️️

දුරකථන සංවාදය අවසානයේ අක්ෂිත් වෛද්‍යවරයා හමුවීමට යනවා.

"අක්ෂිත්"

"ඩොක්ටර්,අපි කෙලින්ම කාරණාවට යමු.කී දෙනෙක් මැරුනද කියන එකෙන් ඔයා අදහස් කරන්නේ මොකක්ද ? ඔයා දැනගෙන ඉදියද මෙතන වෙන්නෙ මොකක්ද කියලා? එහෙනම් ඇයි ඔයා complain කරේ නැත්තේ ඒ ගැන ?"

"එහෙම කරානම් මං මැරෙන්න තිබුණා.පිළිකාව කියන්නේ වර්තමානයේ ප්‍රධාන රෝගයක් නෙමෙයි.මෙහෙම තමයි කම්පනීස් වැඩ කරන්නේ.ඇත්තටම ඒ ඩොක්ටර් කියපු දේ අහලා මමත් ශොක් වුනා.මේක මම හිතුවට වඩා ලොකු කුමන්ත්‍රණයක්."

"කුමන්ත්‍රණයක් ??"

"ඔව් ප්ලාන්ටා කියන සමාගම රුපියල් මිලියන ගණන් වියදම් කරගෙන එන්නතක් අත්හදා බලමින් හිටියා.සාමාන්‍යයෙන් ඒ වගේ එන්නතක් ටෙස්ට් කරලා බලන්න පාවිච්චි කරන්නෙ සත්තුන්ව.ඒත් මේ සමාගම පාසල් බලධාරීන් එක්ක කුමන්ත්‍රණය කරලා මේ ළමුන් සම්බන්ධ කරගෙන අත්හදා බැලීම් සිද්ධ කරා.ඒ උනාට එයාලගේ ටෙස්ට් ඔක්කොම ෆේල් වුනා.ඒ වගේම තමයි අධීරා වගේ ළමයි මේ පරීක්ෂණයට ගොදුරු වුණා.හැබැයි ෆේල් නොවී හදිස්සියේවත් එයාලගේ අත්හදා බැලීම් සාර්ථක වුණානම්, ඒ සමාගම ලෝකෙ තියෙන ප්‍රධාන ඖෂධ සමාගම් සමාගම වහලා දාන්න පවා ඉඩ තිබ්බා.ඒ වගේම තමයි එක රෑකින් බිලියන ගානක් සල්ලි හොයන්න තිබ්බා.ලෝකෙ තියන ප්‍රධාන සමාගම් ඔක්කොම වගේ දැන් මේක ගැන අවධානයෙන් ඉන්නේ.
මොකද මේකට පුළුවන් එයාලට බිලියන ගණන් සල්ලි හොයලා දෙන්න.ඇත්තටම මේ වගේ භයානක එන්නතක් ලබා දෙන්න කිසිම සමාගමකට අවසර දීලා නෑ.

ඒත් ලොකු වෛද්‍ය සංගමයකට හරි,රජයේ නොවන සංවිධානයකට හරි මුවා වෙලා මේගොල්ලෝ දුප්පත් රටවල් වල මේවා අත්හදා බැලීම් සිද්ධ කරනවා.ඒ වගේම වයස අවුරුදු 15යි 18යි අතර ගැහැණු ළමයි ගොඩක් වෙලාවට ඒ අත්හදා බැලීම් වලට ගොදුරු වෙනවා.මේක දූෂණ දාමයක්.
මේකට කොච්චර අය සම්බන්ධද කියලා හොයලා බැලුවොත් සමහරවිට ඔයා ඒක විශ්වාස කරන එකකුත් නෑ.හිතාගන්න බැරි විදියෙ මිනිස්සු මේකට සම්බන්ධයි.
එතකොට දැන් ඔයා මේ ගොල්ලන්ට විරුද්ධව වැඩ කරන්න හදනවා.මම මේ හොඳින් කියන්නේ ළමයෝ,ඔය විකාර වැඩේ නවත්තන්න. නැත්නම් ඔයාට තරුණ වයසෙන්ම මැරෙන්න තමා වෙන්නේ."

 1 1 1 | Completed (Short Story)Where stories live. Discover now