~පෙරවදන~

3.5K 215 26
                                    

දෛවය මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා කියලා අහලා තිබ්බට,මං කවදාවත් ඒක විශ්වාස කරේ නෑ.ඇත්තටම මං ඒකට ඉස්සර හිනා වුණා ඒක මහ මෝඩ කතාවක් කියලා,දෛවය මගේ ජීවිතෙට ඇගිලිගහන දවස එනකන්ම.ඒත් මම දැන් ආපහු හැරිලා බලනකොට තේරෙනවා දෛවය කියන එක මගේ ජීවිතේ එක්ක කොච්චර දරුණු විදියට සෙල්ලම් කරලද,මං ඒ හිතපු දේවල් කොච්චර මෝඩද කියලා.

කාලයක් තිස්සෙම තිබුණ ප්‍රශ්න,විදවීම්,සතුට, හැම හැරවුම් ලක්ෂයක්ම,දෛවය ගහපු සුපිරි
ප්ලෑන් එකක කොටසක් කියලා දැන් හිතෙනවා. මට පේන්නේ නැති වෙන්න,හුගක් සූක්ෂම විදියට එයා මගේ ජීවිතේ හරි අපූරුවට තීරණ අරන් තිබුණා.මට මං ඉස්සර සතුටින් නිදහසේ ගත කරපු ජීවිතේ මතක් වුණා.කිසිම බරපතලක් නැතුව බයික්වල නැගලා යාළුවෝ සෙට් එක එක්ක හතර වටේ රවුම් ගහපු හැටි,
ඉස්කෝලේ ඇතුලේ පිස්සු නටපු හැටි,කට්ටියම අපේ ගෙදරට එකතු වෙලා අම්මව අවුස්සන ගමන් විකාර කරපු හැටි,බොරුවට මරාගත්ත හැටි.ඒවා මතක් වෙනකොට ඒ දවස් වලම නැවතිලා ඉන්න තිබුණ නම් හොදයි කියලා හිතෙනවා.

ආදරේ කියන දේ ගැන හීනෙකින්වත් හිතලා තිබුණේ නැති මගේ ලෝකෙට හදිසියේම කොහේදෝ ඉදන් ආපු පිච්ච මල් සුවද මාව සම්පූර්ණයෙන්ම වෙනස් කරපු විදිය,තනිකරම අදුරු වලාකුළු ගොන්නක් වුණ එයාගේ ජීවිතේ මං දේදුන්නේ පාට වලින් පාට කරපු විදිය,අඩියෙන් අඩිය අපි ආදරේ කරපු විදිය,ඒත් දවසක් හිතුවෙවත් නැති විදියට අපි හැමෝගෙම ජීවිත ඇස් පනාපිටම උඩු යටිකුරු වුණ විදිය,මගේ සතුට සැනසීම මගෙන් නැත්තටම නැති වෙලා ගිය විදිය,හැමතිස්සෙම හිනාවෙලා පිස්සු නටපු කොල්ලා මැරිලා ගිහින් සීතල හදවතක් තියන දරදඩු කොල්ලෙක් ඉපදුණ විදිය මට එකින් එක මතක් වෙන්න ගත්තා.

දෙසැම්බර් සීතලේ කෝපි කෝප්පයක් තොල ගාන ගමන් ජනේලේ ලග වාඩි වෙලා ඈත පේන කදු පන්තිය දිහා බලන් හිටපු මං,මගේ අතේ තිබුණ පුංචි වළාකුලක් එල්ලෙන රීදී පාට බ්‍රේස්ලට් එක දිහා බැලුවා. මං හිතන්නත් කලින්ම මගෙ මතක ගොන්නක් පිරුණ බර සුසුමක් පිටවුනා.අවුරුදු ගානක් ගෙවිලා ගියත් මම තාමත් එකම තැන හිරවෙලා අපිට වැරදුනේ කොතනද කියලා හිතනවා.මොකද්ද අපිට මගහැරුණේ කියලා හිතනවා.

F5 | OngoingWhere stories live. Discover now