🔊🔊🔊🔊🔊 !!!!!
කවුද යකෝ කණ අස්සේ ඝාන්ඨාර ගහන එකා!!
බලය ජවය ශක්තිය ඔක්කොම දාලා සෑහෙන්න අමාරුවෙන් එක ඇහැක් ලාවට ඇරගත්ත මගේ පින්වන්ත දෑස් වලට මුලින්ම දර්ශනය වුණේ රතුම රතු පාට දත් පාරක්.හැබැයි මගේ ඇඟේ නම් නෙවෙයි.
අපේ මනුස්සයාගෙ ඇගේ!
ඒකා තාම සැපට නිදි මාවත් බදාගෙන.ඒ අස්සේ දහ දෙනෙක්ගෙන් ගුටි කාලා වගේ මගේ මුළු ඇඟම රිදෙනවා.හිමින් සැරේ නැගිටින්න හැදුවත් මට තේරුණා කකුල් දෙකම ගන්න දෙයක් නෑ කියලා.
එහෙම්ම අත දාලා එලාම් එක ඕෆ් කරපු මම ආපහු ඇඳේ දිගා වෙලා මෙතූ දිහා බැලුවා.ඒ ඇඟ හැම තැනම රතු පාට පැල්ලම් පිරිලා හරියට තෙල්සායම් චිත්‍රයක් වගේ.මගේ ඇගේ කියලත් වෙනසක් නෑ.ඒක ඊටත් වඩා අන්තයි.
ඊයේ රෑ වෙච්ච කෙරිච්ච දේවල් මතක් වෙලා මගේ මූණ 257385427
වතාවටත් චෙරි ගෙඩියක් වගේ වුණා.මොනා වුණත් අපේ එක්කෙනා වැඩ්ඩා හැබැයි.
කොච්චර හොඳද කියනවා නම්,
අවංකවම මට මතක තිබ්බේ නෑ වට කීයක් ගියාද කියන්න.මට මතක අපි නිදාගන්න කොට පාන්දර හතරයි කියන්න විතරයි.ඉක්කේ....බොහොම අගෙයි ක්‍රිෂ් !
එහෙම ඉන්න ගමන්ම මම ඒ මූණ පුරාවට මගේ ඇඟිල්ලක් අරගෙන ගියා.එයා ලස්සනයි.......හුඟාක්......
ඒ තොල් ලේ පාට වෙලා තාමත් ටිකක්.මම හිමීට එයාගේ දිග ඇහිපිහාටු දිගේ ඇඟිල්ල අරගෙන ගියා."Good Morning සුදූ"
යසෛ යසෛ මේකා නිදි නෑ කියාම්කො.ලාවට හිනා වුණ මම එයාගේ කම්මුලක් මිරිකුවා.
"Good Morning,මෙතූ.....මං හිතුවේ ඔයා නිදි කියලා."
හිනාවුණ එයා මගේ නහයට හාදුවක් දුන්නා.
"නිදාගෙන තමා හිටියේ ඒත් ඔයා අල්ලනකොට ඇහැරුණා"
"හාකො හාකො"
"අමාරුද?"
මගේ මූණ ආපහු සැරයක් රතු වුණා.ඉක්කේ....ඔහොම අහනවද අනේ මූණට?......හැබැයි කියන්නත් වගේ මගේ ඇගට මාරම අමාරුයි.
මම හිතන්නේ නෑ මට නැගිටගන්නවත් පුළුවන් වෙයි කියලා.කොහෙද මගෙත් කට පරිස්සමක් නෑනේ........ඇවිදින්න බැරි වෙනකම් කරන්න කියලත් කිව්වනේ.....
YOU ARE READING
F5 | Ongoing
Non-Fictionඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා❤️ 🚫අර කතාවේ ඒවයි මේ කතාවෙ ඒවයි මේකේ මතක් වුණා කියලා වැලලෙන්න නම් එන්න එපා ළමයි.මම...