~ 10 සටහන ~

1.5K 132 37
                                    

මට ආපහු නින්ද ගියේ නෑ.
කොච්චර නිදාගන්න ට්‍රයි කරත් අම්මාගෙ වචන මගේ කන්වල සැරින් සැරේ දෝංකාර දෙන්න ගත්තා.මොකද්ද මේ වෙන්නේ?...
මොකද්ද අම්මා ඒකෙන් අදහස් කරේ?...කවුද අම්මගෙ ජීවිතේ ඉදපු ඒ වැදගත් ගෑණු කෙනා?.....
ඒකද කලින් තාත්තියි,සීයාතාත්තයි අමුතුවට හැසිරුණේ?....මොනාද මේ හැමෝම අපෙන් හංගන්නේ?.....
ඇයි තාත්තා ෆියුනරල් වෙලාවෙ මෙතූගේ තාත්තා දිහා අමුතු විදියට බලන් හිටියේ?.........

දාහක් ප්‍රශ්න ඔළුවෙ තිබ්බත් ඒ කිසිම ප්‍රශ්නෙකට මං ලඟ හරිහමන් උත්තර තිබ්බේ නෑ.මට මේ වෙන කිසිම දෙයක් ගැන හොඳක් දැනෙන්නෙ නෑ.මං මේක එයාලගෙන් අහන්න ඕනද?.......
එහෙම නැත්තන් එපාද?......මෙතූට මේ ගැන කීයන්න ඕනද?.......මන් දන්නේ නෑ.........මගේ ඔළුව දැන් යකාගේ කම්මල වගේ වෙලා.........

මෙතූ නම් සනීපෙට නිදි.තවත් ඇදට වෙලා ඉන්න බැරි නිසා එයාට රෙද්දත් පොරවලා හූඩි එකක් දාගත්ත මං රූෆ් ටොප් එකට ආවා.
එතකොට වෙලාව පාන්දර 5 ට විතර ඇති.ඉර පායලාවත් නැහැ.
තාමා වට පිටාව අඳුරුයි.

හෙට අපිට ආපහු ඉස්කෝලේ පටන්ගන්නවා.ඒ අනිත් ප්‍රශ්නේ.
අපිට අවුලක් නැති වුණත් මෙතූට හෙට දවස මොන වගේ වෙයිද කියන එක ගැන මගේ හිත මාරම විදියට වද වෙනවා.ඒ කොල්ලා මේ දවස් ටිකකට විතරක් සෑහෙන්න දුකක් වින්දා.ඒ වෙලාවට මොකද්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරි වුණාම මං මාරම විදියට අසරණ වෙනවා.

කොච්චර වෙලාද කියන්න මං දන්නේ නෑ.ඉර පායගෙන එනකන්ම මං එතනට වෙලා කල්පනා ලෝකේ ගිලිලා හිටියා.මාව එක පාරටම ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇවිත් එක පාරම මාව බදාගත්ත උණුසුම් පිච්ච සුවඳ හාදයෙක් නිසා.එයා මගේ වටේ අත් යවලා මගේ බෙල්ල අස්සට මූණ ඔබාගත්තා.

"ගුඩ්......මෝනින්"

යොහ්.......මේකා තාම නිදිමරගාතේ.

"ගුඩ් මෝනින්"

"මොනාද කරන්නේ මෙතන?"

"මුකුත් නෑ"

"බොරු කියන්න එපා සුදූ.මං නැගිටිනකොට ඔයා ඇඳේ නෑ.ඔයා ඉදපු පැත්ත සීතලයිත් එක්ක.ඔයා හුඟක් වෙලා නේද මෙතනට ඇවිත්?"

"මට නින්ද ගියේ නෑ මෙතූ"

"ඇයි ඒ?.....ඔයාට සනීප නැද්ද?"

F5 | OngoingWhere stories live. Discover now