~ 03 සටහන ~

837 88 66
                                    


එදා මෙතූ අඩපු සිද්ධිය වෙලා අදට දවස් තුනක් ගෙවිලා ගිහිල්ලා.
කොල්ලා එදා පැය භාගයක් විතර මගේ උරහිසට ඔළුව ගහන් සෑහෙන්න ඇඩුවා.කොච්චර ඇඩුවද කියනෝනම් අන්තිමට කතා කරගන්නවත් ඒ කොල්ලට පණක් තිබ්බේ නෑ.අන්තිමට එයාගේ මූණත් පිහලා,ඔළුවත් අතගාලා පරිස්සමෙන් ඉන්න කියලා මං ගෙදරට යැවුවා.

මම ගෙදර ඇවිල්ලත් සෑහෙන්න එයා ගැන කල්පනා කරා.කෙනෙක් මේ තරම්ම බිඳෙන්න පුළුවන්ද ? මං අහන්නේ,ඇස්වල හැගීම් මැරෙන තරමටම? මිනිස්සුන්ව එපා වෙන තැනටම.තමන්ගේ වහල යට අපායක් වගේ දැනෙන තරමටම?අපි මේ එකට ඉදපු පොඩි කාලෙට මං එයා ගැන තේරුම් ගත්ත එක දෙයක් තියනවා.

මෙතූ කියන්නේ කෑල්ලෙන් කෑල්ල එකතු කරලා,පරණ පැලැස්තර අයින් කරලා,හරි පරිස්සමෙන් අලවන්න ඕන සම්පූර්ණයෙන්ම බිඳිලා විසිරිලා ගිය වීදුරුවක්.

මුළු හවසම කාමරේ අස්සට වෙලා ඉදපු මං රාත්‍රී ආහාරය අනුභව කරන්න එළියට ආවේ,දවසම අර මොකටද අරක්ගත්ත බහිරවයා වගේ මේ ගුබ්බෑයම අස්සේ රිංගගෙන කියලා අපේ අම්මගෙන් පුප රත්වෙන්න හොඳවැයින් පාරකුත් කාලා.මං පහළට යනකොට කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ කාලෙකට පස්සේ අපේ තාත්තත් කෑම මේසේ වාඩි වෙලා ඉදියා.
බලන්න එපෑ අපේ පාරමිතාගේ මූණේ තියන හිනාව.CFL බල්බ් සීයක් දැම්මා වගේ මුළු පළාතම එළියයි.

"අහ් චෑම්ප් මොකෝ මේ පැත්තේ?"

"අනේ මේ තාත්ති,මං අහන්න ඕන ප්‍රස්න ඔයා අහලා හරියන්නේ නෑනේ.බලන්නකෝ පාරමිතා ඉඳලා ඉඳලා ගෙදර ඇවිත් ඔයාගේ සැමියගෙත් මහ විසාල මරිසි තියෙන්නේ....ම්හුක්"

"අපෝයි ඔව් ඔව් කාගෙද දන්නේ නෑ මරිසි තියෙන්නේ,මං කිව්වා කියලා හිතාගනින්කෝ පුතේ උබර්......ඒක නෙවේ මොකෝ මේ දවස් වල ඉස්කෝලෙ වැඩ එහෙම?"

"කතා කරන්න එපා තාත්ති ඒ ගැන නම්,මට දැන් මහණ වෙන්න හිතිලා තීන්නේ"

"ඒ මොකෝ බන් කොල්ලෝ,
ඉස්කෝලේ උබට බූට් එකවත් තිබ්බද? අනික බන් උඹ මහණ වෙන්න එපා,මොකද බෞද්ධයෙක් වශයෙන් මට සාසනේ ගැන සෑහෙන කැක්කුමක් තියනවා.ඒ නිසා මහණ වෙන එක නැතුව අපි වෙන ඔප්ෂන් එකකට යමු"

F5 | OngoingWhere stories live. Discover now