~ 02 සටහන ~

1.9K 164 64
                                    


දින දෙකකට පසු

අපේ ස්පෝර්ට්ස් මීට් එක ඉවර වෙලා දැන් දවස් දෙකක් වෙනවා.
පහුගිය දවස් දෙකේම අපි සෙට් එකම ඉදියේ භාගෙට මැරිලා වගේ.අපි තනිකරම හිටියේ අපිට ගෙවල් දොරවල් නැති සීන් එකේ.
කොහොමහරි සුපිරියටම අපේ මීට් එක තිබ්බා.අන්තිමට ඉස්කෝලෙම දෙක වෙන්න ඩීජේ එකකුත් තිබ්බා.කොහොම හරි ඒවා මේවා ඔක්කොම ඉවර වුණා වගේම මේ දවස් දෙකට හොද දේවල් දෙක තුනකුත් වුණා.එක තමයි සුපුරුදු විදියට අපේ phoenix හවුස් එක 1st place අරගත්තා.2nd place falcon house,3rd place griffin house,4th place orion house.ගිය පාර orion house එක තමා තුන වුණේ.මේ පාර හතරට බැහැලා.

අනික් එක තමයි අපේ ධේනුයි,
වියානුයි අන්තිමට පිළිගත්තා උන් දෙන්නගේ ආදර හුටපටයක් තියනවා කියලා,දැන් මාස පහක් විතර වෙනවලු.කාලයක් තිස්සේ දෙන්නට දෙන්නා කැමැත්තෙන් ඉදලා ඒත් කියලා නෑ.පස්සේ ඕන එකක් වෙන්න කියලා ධේනුවා ආස්ක් අවුට් කරලා.පස්සේ ඉතින් අපේ වියාන්ට මල් හතලු.මූ පැනපු ගමන් හා කියලා.ඒත් හරියට දේවල් කම්ෆර්ම් වෙනකන් කියන්නේ නෑ කියලා දෙන්නම හිතන්ලු ඉදියේ.පහුගිය දවස් වල කතා කරලා දැන් ඒ හැම එකක්ම හරිලු.ඒත් වියාන්ගේ ගෙදරින් නම් බාල්දි වැටෙන සීන් එකක් තියනවා කියලා තමා කියන්නේ.ධේනුගෙත් ශුවර් නෑ.ඒත් උන් කියනවා වෙන එකක් වෙන්න කියලා ආතල් එකේ ඉන්න එක හොදලු.ඇත්ත තමා ඒකත්.මුහුද හත් ගව්වක් තීද්දි අර මොකද්ද එකක් කියනවනේ.....මට මතක නෑ ඕයි.....

මේක දැනගත්ත වෙලේ රෙයාන්ගේ කට තිබ්බේ පොළවේ.මිනිහා විශ්වාස කරේම නෑ එයාගේ කිඹුලා ධේනුක එක්ක සෙට් කියලා.හැබැයි මෑන් මුකුත් කිව්වෙත් නෑ.ඌට පොඩි වෙනසක් තේරුනාලු වියාන්ගේ,ඒත් වැඩිය ගනන් ගත්තේ නෑලු.අනේ ඌට හොද නම් මට මොකෝ බන්,මට නම් ඔය ලවුත් එපා ඉලවුත් එපා මම සැමදා සොමියේ ඉන්නවා කිව්වා.

#ආදර්ශමත්සහෝදරයෝ

එතකොට අනිත් අයට කෙසේ වෙතත් මට වැදගත්ම සිද්ධිය වුණේ මෙතිඳු අපේ පවුලට එකතු වුණ එක.ධේනූ කිව්ව විදියටම,
අපේ F4 පවුල F5 වුණා.එයා මාත් එක්ක තරම් තාම අපේ අනික් තුන් දෙනා එක්ක කතා කරන්නේ නෑ.
එයාලත් වැඩිය මොනවත් අහන්නේ නෑ මං එයාලට සිද්ධිය කියලා තියන නිසා.කොහොමත් දේවල් වලට බල කරන්න ඕන නෑනේ.ඕනම දේකට හැඩගැහෙන්න කාලය ඕනා.

F5 | OngoingWhere stories live. Discover now