දවස දෙක තුන හරි ඉක්මනට ගෙවිලා ගියා.මේ දවස් ටිකේ නම් අපේ සෙට් එක පට්ටම බිසී වෙලා ඉන්නේ,නිවනක් නෑ.මොකද ස්පෝර්ට්ස් මීට් ඉවර වෙච්ච අනිත් පැත්තට දැන් අපේ කලා උළෙල තියෙන නිසා.ඒ රෙද්ද තියෙන්නේ හෙට.පහුගිය දවස් ටිකේම මේ කෙහෙල්මලේ වැඩ වලට යට වෙලා හිටියේ.
මොකද සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ කලා උළෙල අනිත් උත්සව වලට වඩා ප්‍රධාන තැනක් ගන්නවා.ඒකට ලංකාවෙ ඉන්න හුඟක් ප්‍රසිද්ධ කලාකාරයෝ වගේම ප්‍රසිද්ධ චරිත සම්බන්ධ වෙනවා.
ඉතින් තේරෙනවනෙ,හැමදේම ගානට තිතට තියෙන්න ඕන,කිසිම වැරැද්දක් වෙන්න බෑ.ඉතින් අදත් කියල වෙනසක් නෑ,අපි දැන් මේ ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙත් නැවතිලා,කලා උළෙලේ rehersal කරනවා.මම විතරක් කලා උළෙලේ අයිටම්ස් පහකට ඉන්නවා.අයිටම්ස් තුනකම තියෙන්නේ මට පියානෝ එක ප්ලේ කරන්නයි,ගිටාර් එක ප්ලේ කරන්නයි විතරයි වෙලාවට.
හතරවෙනි එකේ මගෙයි ධේනුගෙයි සෝන්ග් එකක් ඊට පස්සේ අන්තිම අයිටම් එකට කලින් මගේ සෝලෝ සෝන්ග් එකක් තියෙනවා.අන්තිමටම තියෙන්නේ........ඒක හෙට කියන්නම්කො.......
ඔය ඔක්කොමත් අස්සේ හෙට ළමයින්ව බලන්නයි,අම්මලා තාත්තලව බලන්නයි,ආරාධිත අමුත්තන්ව පිළිගන්නයි,අර කතාවයි මේ කතාවයි කරන්නයි,
සංග්‍රහ කරන ඒවා බලන්නයි,එකී මෙකී නොකී වැඩ ඔක්කොමයි කරන්න වෙනවා කියලා මතක් වෙනකොට මගේ ආත්මෙට පුදුමාකාර සනීපයක් දැනෙනවා.
ඒත් ඉතින් කමක් නෑ මේ අන්තිම අවුරුද්දනේ කියලා ආපහු මං හිත හදා ගන්නවා.ඒත් අඩෝ ඇයි බං මාවම හෙඩ් ප්‍රිෆෙක්ට් කරේ??
අනිත් එක තමා මේ ගෙවුන දවස් ටිකට මෙතූ සෑහෙන්න වෙනස් වෙලා.නරක විදියට නම් නෙමෙයි හැබැයි.ඒත් අනේ මන්දා,මං ඒකට සෑහෙන්න කැමතියි.එයා දැන් නිතරම මගෙත් එක්ක ඉන්නවා,
මොන දෙයක් උනත් ඒ හැමදේම මුලින්ම කියන්නෙ මට.අපේ අනිත් එවුන් තුන් දෙනා එක්කත් එයා දැන් අවුලක් නැතුව හොඳට කතා බහ කරනවා.පන්තියේ වාඩිවෙන්නෙත් මාත් එක්ක.සමහර වෙලාවට මේ කොල්ලා උගන්වන අස්සේ මගේ අත අරගෙන ඇගිලිත් එක්ක එක එක විකාර සෙල්ලං කරනවා.මේකා දන්නෙ නෑනේ ඒ වෙලාවට මගේ ඇගේ මුළු සත්තු වත්තම ඇක්ටිව් වෙනවා කියලා.ඒත් ඉතින් මොනා කරන්නද,එපා කියලා අත ඇදලා ගන්නයෑ.
YOU ARE READING
F5 | Ongoing
Non-Fictionඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා❤️ 🚫අර කතාවේ ඒවයි මේ කතාවෙ ඒවයි මේකේ මතක් වුණා කියලා වැලලෙන්න නම් එන්න එපා ළමයි.මම...