~ 01 සටහන ~

3K 205 149
                                    

වසර 9කට පෙර

"මොන හුත්-......"

"තොපි මොනාද යකෝ උදේ පාන්දර මගේ කාමරේ කරන්නේ?.......
නිවාඩු දවසෙවත් නිදාගන්න දීපියව් යකුනේ!!.........
අම්මාආආආආආ!!..........මේ බලන්නකෝඕඕඕඕඕ"

"ඈ වුත්තෝ බලපන් දැන් වෙලාව කීයද කියලා,තෝ තාම පුපත් උඩ දාගෙන බුදි.මහලොකුවට කිව්වා නේද වෙලාවට ඉස්කෝලෙට යන්න ඕනා යැයි යැයි ගාලා"

"මං කිව්වනේ ධේනූ උබර්ට මූ තාම බුදි ඇති කියලා"

"නිදි ඇති කියන්නේ තේව් බලපන් ඊයේ ඉස්කෝලේ ඉදන් ගෙදර එනකොට වෙලාව කීයද කියලා,
පාන්දර 3යි.ඒ ඇවිල්ලා ඔක්කොම කරගෙන ඇදට වැටෙනකොට හතරත් පහුවුණා.මේ ස්පෝර්ට්ස් මීට් කියන ජාතිය නම් මාවම කන්න ආපු එකක්.ඇයි යකෝ හෙඩ් ප්‍රිෆෙක්ට් වුණා කියලා මෙහෙමත් නහින්න පුළුවන්ද,රෙද්ද"

"උඹ විතරක් යෑ අපිත් ඒ කට්ටම කනවා පුතේ.මදෑ යාළුවා පව් කියලා ඌ පස්සේ ප්‍රිෆෙක්ට් වෙන්න ගියා.දැන් ඉතින් කාපන්කො කටු"

"කියලා වැඩක් නෑ මංචියෝ.මොනා කරන්නද,ගෙවන්න තීන පව් ගෙවන්නත් එපෑ"

"තවත් ඇදේ පතබෑවිලා ඉන්නේ නැතුව ගිහින් හෝදන් වරෙන් යකෝ"

"මුගෙ අම්මට-..."

                                                                                   ..............

ඔයාලා බලනවා ඇති නේ දහසක් මල් විකසිත වෙන මේ සුන්දර ඉරිදා උදෑසනේ මගේ කාමරේ වෙන මේ නාඩගම මොකද්ද කියලා.ඉතින් ඒ තමයි මගේ පාපකාරී යාළුවෝ සෙට් එක.වියාන්,රෙයාන්,
ධේනුක.වියාන් තෙව්ජන මංචනායක,රෙයාන් මෞර්ය මංචනායක කියන්නේ නිවුන්නු.
හැබැයි උන් දෙන්න සර්වසම නිවුන්නු නම් නෙවේ,විශම නිවුන්නු.වියාන්ට තිබුණේ එයාගේ අම්මගේ වගේ දුබුරු පාට ඇස්.
එතකොට රෙයාන්ට තිබ්බේ එයාගෙ තාත්තගේ වගේ ඇම්බර් පාට ඇස්.දෙන්නම හොද මීටර් දෙකක්කොහොමත් උන්ගේ අම්මයි තාත්තයි දෙන්නම ප්‍රොෆෙසර්ලා.

එතකොට කාගෙත් අප්පච්චි වෙන ධේනුක ගෞරව් සේනානායක කියන්නේ ලෝකේ වටේම ශාඛා තියන Enigma Group අයිතිකාරයගේ පොඩි පුතා.පොරට තව ලොකු අයියා කෙනෙක් ඉන්නවා මිනායු නේශත් සේනානායක කියලා.අයියා නම් බොහොම පාඩුවෙ ඉන්න ඇල් වතුරත් නිවලා බොන ජාතියේ ඩෑල් එකක්.ඒකට අපේ එකා,මූ තනිකරම මිනායු අයියගේ අනිත් පැත්ත.එසේ මෙසේ පුපේ අමාරුවක් නෙවේ තීන්නේ.මිනිහට හොදට IT,හැකින් සයිඩ් එක පුළුවන්.පිස්සු නම් තමා,ඒත් පොරගේ හදුන්පොත හොදයි.

F5 | OngoingWhere stories live. Discover now