~ 07 සටහන ~

1.5K 142 34
                                    

එදා බීච් ගිය දවසෙන් පස්සේ ඇහිපිල්ලම් ගහන වේගෙට මාසයක්ම ගෙවිලා ගියා.ඒ කියන්නේ මායි මෙතූයි ආදරේ කරන්න අරන් දැන් මාසයක් වෙනවා.එදා බීච් එකේදි අසභ්‍ය දර්ශන ඡායාරූප ගත කිරීම හේතුවෙන් මංචියා මගෙන් සුම්මා වෙන්න කෑවා.මං උගේ ෆෝන් එක අරගෙන ඒ ටික මගේ එකට දාන් උගේ එකෙන් ඩිලීට් කරලා,ඒකේ
රීසයිකල් බින් එකෙනුත් අයින් කරලා දැම්මා.එව්වා මේ අනාගත ආරක්ෂාව පිණිස කරන වැඩ.ඔය කිව්වට ඉතින් මංචියගේ ෆෝන් එකේ අපි හැමෝගෙම අන්තිම අජූත ෆොටෝ ඔක්කොම තියනවා.

ඊට පස්සේ හවස 6.30 ට විතර අයිස්ක්‍රීම් කන්න සෙට් වුණාට පස්සේ තමා අපේ රෙයාන් මෞර්ය උතුමාණන්ගේ රෙදි ගැලවෙන්න පටන් ගත්තේ.ධේනුවා තමා මුලින්ම සීන් එක ඇඳලා ගත්තේ.මූ ගත් කටටම අරූගෙන් ඇහුවා අයියගේ ෆෝන් එකේ ඉන්න කොල්ලා උඹ නේද කියලා.බලන්න එපෑ හෙනම සප්‍රයිස් වුණ විදියට ඒකගේ ඇස් ලොකු වෙලා කට හාස් ගාලා ඇරුණ විදිය.අපියි හරිනම් සරපරයිස් වෙන්න ඕනා,ඌ නෙවේ.
යසෛ යසෛ බේසමා.

කෝම හරි මේකා මුලින්ම පිළිගත්තේ නෑ හරිද....ඇයි ඉතින් අපිට හෙනම ටෝක දීගෙනනේ ඉදියේ අපිට ඔය ලවුත් එපා ඉලව්ත් එපා යැයි යැයි ගාලා.මූ නෑමයි කිව්වා.මුංගේ එහා ගෙදර ඉන්න නාකි සොෆි ආච්චි පල්ලා කියලත් දිවුරුවා.හැබැයි ඉතින් හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ කියලා පරණ ඈයෝ කියල තීන්නේ පුපේ අමාරුවට නෙවේනේ ඒයිලා.ඉතින් විනාඩි 15 කට විතර පස්සේ ඌට කෝල් එකක් ආවා My Moon කියලා සේව් කරපු නම්බර් එකකින්.

යකෝ අපි නොදන්න මුගේ මූන් කවුද කියාම්කො.ඉතින් ධේනූ ෆයර් වුණ හින්දා මංචියට ස්පීකර් දාලා කතා කරන්න වුණා.කෝල් එක ආන්ස්වර් කරපු ගමන් හෙනම සන්සුන් හුරුපුරුදු දේව වොයිස් එකකින් 'සුදු බබා මං මේ සුපර් මාකට් එකට ආවා ඔයාට මොනාහරි ඕනද දරුවෝ' කියලා ඇහුවා කියාම්කො.විශ්වාස කරපන් මාව,අපේ වියානයට මිනි හාට් ඇටෑක් එකක් ආවා,ධේනූ අරූව පිච්චිලා අලුවෙලා යන විදියේ බැල්මක් දැම්මා.එතකොට මං උඹ ඉවරයි මචං කියලා ධේනුව ඇහෙන් පෙන්නලා අත් දෙක එකතු කරලා වැන්දා.

අරූගෙන් ෆෝන් එක ගත්ත ධේනුවා 'මොනවත් ඕන නෑ ලොකූ ඔයා පරිස්සමෙන් ගෙදර යන්නකෝ~' කියලා හෙනම සීරියල් කිලර් වොයිස් එකකින් කියලා දඩාස් ගාලා ෆෝන් එක තිබ්බා.ඌ හෙනම අවුලෙන් ඉදියේ ඌට දෙන්නම මෙච්චර කල් ඒ ගැන හංගපු එක.ඇයි යකෝ ලගකදි වුණ එකකුත් නෙවේනේ,හු#ත OL කාලේ ඉදන්මලු තියෙන්නේ.

F5 | OngoingWhere stories live. Discover now