~ 11 සටහන ~

1.6K 137 42
                                    


අවධානෙන් කියවන්න ඈ....බුහාහා

                   *************

Author POV :

දන්නවද.......ජීවිතේ කාටවත්ම ලේසි නෑ,දුප්පත් වුණත් පොහොසත් වුණත්.හැමෝටම එක එක විදියේ ප්‍රශ්න තියනවා.ඒකට ලොකු පොඩි කියලා භේදෙකුත් නෑ.ඒ හැම දේකටම සැලෙන්නෙ නැතුව මුහුණ දෙන්න පුළුවන්ද කියන එක පදනම් වෙන්නේ අපේ හිතේ ශක්තිය මත.

ඇත්ත,සමහර තැන් තියනවා අපිට තනියෙන් ඉස්සරහට යන්න හුඟක් අමාරු,අනේ මගෙත් එක්ක යන්න කෙනෙක් හිටියනම් කොච්චර හොඳද කියලා හිතෙන.කෑගහලා අඩන්න ඕන වෙලාවට කාගෙම හරි උරහිසක් තමන් වෙනුවෙන් තිබ්බ නම් හොඳයි කියලා හිතෙන.

එහෙම කෙනෙක් හෝ පිරිසක් තමන්ගේ ජීවිතේ ඉන්නවා කියන්නේ,ඒ කෙනා ඇත්තටම හුඟක් වාසනාවන්තයි කියන එක.එහෙම ඉන්නවා කියලා දන්න එකම කොච්චර සැනසිලිදායක හැඟීමක්ද?.......

ඉතින්.......තමන්ගේ වේදනාදෙන අත පිරිමදින ගමන් ඇඳ පාමුල වාඩි වෙලා,ඇඳේ සනීපෙට නිදාගෙන හිටපු ලැවැන්ඩර් සුවඳ කොල්ලෙක් දිහා බලාගෙන ඉදපු පිච්ච මල් සුවඳ කොල්ලෙක්ටත් හිතුණා තමන් කොයි තරම් නම් වාසනාවන්තද කියලා.

කවුද ආස නැත්තේ ආදරේ විදින්න? කවුද අකමැති බොලඳ වෙන්න?කවුද අකමැති මොකක් හරි පුංචි මෝඩ වැඩක් කරලා හයියෙන් හිනාවෙන්න? 

අපි හැමෝම ආසයි,අපි අපිම වෙන්න.නිතරම දාගෙන ඉන්න වෙස් මූණ අයින් කරලා අපේ ඇඟ ඇතුලේ හැංගිලා ඉන්න දුර්වල ළමයව එළියට දාන්න.

මෙතූටත් එහෙමයි.එයා නිතරම හිතුවා ඇයි මට කවුරුවත් කැමති නැත්තේ? මං කැත නිසාද? නැත්තන් වෙන හේතුවක්ද? ඇයි මම තනිවෙලා?........ඒ පුංචි හිතේ හුඟක් කාලයක් යනකන් ඔය ප්‍රශ්න හරි බරටම තැම්පත් වෙලා තිබ්බා.

කාලෙත් එක්ක එයා නොදැනුවත්වම තනිකමට හුරුවුණා.හැමෝගෙන්ම ඈත් වුණා,කතාබහ අඩු වුණා,මුල්ලකට කොටුවෙලා ජීවත් වෙන්න පුරුදු වුණා.හැමෝම හිතුවේ එයා හුඟක් කුලෑටි ළමයෙක් කියලා.ඒත් කවුරුවත්ම දැනගෙන ඉදියේ නෑ එයාගේ ඇතුලාන්තෙත් දුවල පැනලා දඟලන්න කැමති,යාළුවො එක්ක සෙල්ලම් කරන්න කැමති කොල්ලෙක් හැංගිලා ඉන්නවා කියලා.

F5 | OngoingWhere stories live. Discover now