එහෙ බලලා මෙහෙ බලන්න වුණේ නෑ දවස් හතරක් සෑහෙන්න වේගෙන් ගෙවුණා.ඉස්කෝලේ වැඩයි පන්ති යන එකයි එක්ක මේ දවස් තුන සාමාන්‍ය විදියට ගෙවුණා කියලා කිව්වොත් මං පට්ටම පට්ට බොරු කාරයෙක් වෙනවා,මොකද මේ දවස් තුන කොහෙත්ම සාමාන්‍ය විදියට ගත වුණේ නෑ.
මුලින්ම මගේ කොන්දේ අමාරුව ගත්තොත් ඒක මේ වෙනකොට සෑහෙන දුරට අඩුයි,ඒත් තාම හොඳ නැහැ.ටිකක් තැල්ම වගේ තියනවා.
ඇයි ඉතින් පොඩි පාරක්ද වැදුනේ කියාම්ක්කො.අපේ මනුස්සයගෙත් අත සෑහෙන්න දුරට හොඳයි ඒත්--මේ පිස්සු කටුස්සා මං එපා කියද්දි අර එක්සිබිෂන් එකට දෙන්න යන පේන්ටින් එක කරන්න ගිහින් ආපහු වතාවක් තුවාලේ පාරගත්තා.ඊට පස්සේ එනවා සෑහෙන දොන්ත මූණකුත් දාගෙන හඥේ සුදූ රිදෙනවා යැයි යැයි ගාලා.මුගෙත් පුදුමාකාර කැටයම් තමා තියෙන්නේ.තුවාලේ බලන්න බෑ කියලා මං බොරුවට පැත්ත ගැහුවම මේකා ගියානේ අපේ අම්මා ළඟට.අම්බෝ ඉතින් බලන්න එපෑ එයැයිට තියන සැලකිල්ල.අන්තිමට ගෙදර කොල්ලා බල්ලා තත්වෙට වැටුණා.
ඒ මදිවට හැඳි පාරකුත් කන්න වුණා.ඔය ඔක්කොම අස්සේ අපි ටිකක් ටෙන්ෂන් එකේ හිටියේ එදා මංචියට ඇවිත් තිබ්බ මැසේජ් එක නිසා.ඒ නම්බර් එකට කෝල් කරාට එහා පැත්තෙන් කෑල්ලක් 'ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත' යැයි යැයි ගාන්න ගත්තා. පස්සේ ධේනු ඒ නම්බර් එක ට්‍රැක් කරලා බැලුවා.එතකොට පෙන්නුවේ අනුරාධපුරේ පැත්තක්.
මේ හදිසියේ එහෙ යන්න බැරි නිසා ධේනු උගේ ඒ පැත්තේ ඉන්න යාළුවෙක්ට කියලා මේ නම්බර් එක ගැන චෙක් කරලා බැලුවා.
එතකොට තමා දැනගන්න ලැබුණේ ඒ නම්බර් එක අයිති ඒ පැත්තේ ගමක ඉන්න දුප්පත් ගෑණු කෙනෙක්ට කියලා.ඒ මනුස්සයගෙන් ඇහුවම කියලා කවුද මන්දා මනුස්සයෙක් ඇවිත් එයාගේ ෆෝන් එකේ බැට්‍රි නෑ ඒ නිසා කෝල් එකක් ගන්න දෙන්න පුළුවන්ද කියලා ෆෝන් එක ඉල්ලුවා කියලා.එයත් එච්චර හිතලා නෑ ඒ මිනිහට ෆෝන් එක් දීලා.ඒ වෙලාවෙ තමා ඌ මංචියට මැසේජ් එක එවලා තියෙන්නේ.
ධේනුගෙ යාළුවා අහලා ඒ මනුස්සයව දැක්කොත් අඳුරගන්න පුළුවන්ද කියලා.එතකොට කියලා 'එහෙම නම් අමාරුයි මහත්තයා මොකද ඒ මනුස්සයා ඇඟ වැහෙන්න ඇඳගෙන මාස්ක් එකකුත් දාගෙන ඉදියේ' කියලා.
YOU ARE READING
F5 | Ongoing
Non-Fictionඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා❤️ 🚫අර කතාවේ ඒවයි මේ කතාවෙ ඒවයි මේකේ මතක් වුණා කියලා වැලලෙන්න නම් එන්න එපා ළමයි.මම...