පහුවදා උදේ මං නැගිටිනකොට මෙතූ ඇඳේ ඉදියේ නෑ.ෆෝන් එක අතට ගත්ත මං වෙලාව බැලුවා.
උදේ 8.00 යි.එහෙම්ම ඇඳෙන් බැහැපු මං බාතෘම් එකට රිංගුවා.
දත් ටික මැදගන්න කියලා කණ්නාඩිය ඉස්සරහින් හිටගත්තම තමා දැක්කේ බෙල්ලෙයි,කොලර් බෝන් එකෙයි තිබ්බ රතු පාට ලප ටික.ඊයේ රෑ මතක් වෙලා මගේ මූණ ආපහු සැරයක් රතු වුණා.හරි අපි ටිලිං ටිලිං කරේ නෑ තමා,ඒත් යම්කිසි දෙයක් වුණානේ.යොහ් ලැජ්ජයි යකූ!!...........දැන් ඉතින් හයි නෙක් එකක්වත් අඳින්න වෙයි,නැත්තන් ඉතින් වස ලැජ්ජාව තමා වෙන්නේ අපේ මල යක්කූ ඉස්සරහා.කණ්නාඩියෙන් පේන මටම තට්ටුවක් දාලා හිනාවුණ මං ඉක්මනට කරන්න තීන ඔක්කොම ටිකත් කරගෙන,අර ලව් බයිට්ස් වැහෙන්න හූඩි එකකුයි,ස්වේට් පෑන්ට් එකකුයි දාගෙන පහළට ආවා.මං යනකොට හැමෝම ටීවී එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා,හැබැයි කිසිම කෙනෙක්ගේ මූණේ හිනාවක් තිබ්බේ නෑ.යම් කිසි දෙයක් සිදුවෙලා වgay.
"Good Morning කට්ටිය.මොකෝ මේ හැමෝම දාහට අරන් සීයට දීලා වගේ??"
එහෙම කියාගෙනම මං මෙතූ ලඟින් වාඩි වුණා.මං ඇයි කියලා අහන්න වගේ ධේනු දිහා බැලුවා.
"හේමසිරිව හම්බවෙලා"
"අඩෝ මරුනේ ඒ කිය-......"
"පණ පිටින් නෙවෙයි"
මට කියලා ඉවර කරන්නවත් දුන්නේ නැති ධේනු එක පාරම පණ පිටින් නෙවේ කිව්වා.ඒ කියන්නේ නංගිව විතරක් නෙවේ ඒ මිනිහවත් මරලද? එතකොට නංගිව මැරුවේ ඌ නෙවෙයිද?
"කොහෙදිද?"
"මෙතූලගෙ රූෆ් ටොප් එකේ ගස් අස්සේ තිබිලා තමා බොඩි එක හම්බෙලා තියෙන්නේ"
"එතකොට.......මරලා තියෙන්නේ?"
"නංගිව මරපු දවසෙමයි"
මොන මගුලක්ද මේ වෙන්නේ? ඒ දවසෙම වුනා නම් ඇයි පොලිසිය බොඩි එක හොයාගත්තේ නැත්තේ?කල්පනා කර කර හිටපු මං හැරුණේ වියාන්ගේ කටහඬට.
"උඹට මතකද අපේ එක්කෙනා කිව්වා,පොලිසිය අර එලියෙන් රූෆ් ටොප් එකට යන්න තියන පඬිපෙලේ තිබ්බ ලේ ගනන් ගත්තේ නෑ කියලා මිනිස්සූ කිව්වා කියලා?"
"හම්මට ඔව්මයි නේ"
"ඉතින් එහෙම බැලුවම හම්බුණේ නැති එක සාධාරණයි බොඩි එක."
YOU ARE READING
F5 | Ongoing
Non-Fictionඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා❤️ 🚫අර කතාවේ ඒවයි මේ කතාවෙ ඒවයි මේකේ මතක් වුණා කියලා වැලලෙන්න නම් එන්න එපා ළමයි.මම...