🚨🚨🚨
මාව උඩ ගිහින් ඇහැරුනේ කන ළගින් ඇහුන ඇම්බියුලන්ස් සද්දෙට.ඒක මොනාද කියපන් මේ උදේ පාන්දර මගේ ඇද ළග කරන්නේ?...තක්කු මුක්කු වෙලා හිටපු මං ඔළුව හරවලා බලනකොටයි දැක්කේ ඒ කෑගහන්නේ ඇම්බියුලන්ස් එකක් නෙවේ මගේ ගඩොල් බාගේ කියලා.ඊයේ රෑ එලාම් එක තිබ්බනේ....හෙ හෙ........
ඒක ඕෆ් කරන්න හිතන් ෆෝන් එක ගන්න අත දික් කරාට,අත දිග මදි.බලන්න ඉතින් අපේ ටොම් ඇන්ඩ් ජෙරි එකේ පූසට වගේ අත දික් කිරීමේ හැකියාවක් තිබ්බ නම් මේ කරදර මොනවත්ම නෑ.ඇදේ ඉඳන් ගන්න බැරි නිසා මං බැහැලා යන්න හැදුවත් එහෙම කරන්න බැරි වුනේ අලි පත මකර පැටියෙක් මගේ ඇඟ උඩ පතබෑවිලා හිටපු නිසා.මේකගේ අතත් මගේ ඇඟ උඩ,කකුලත් මගේ ඇඟ උඩ,
ඔලුවත් මගේ ඇඟ උඩ.කොටින්ම කිව්වොත් මුගේ මුළු සර්වාංගෙම මගේ ඇඟ උඩ.බොහොම අගෙයි මෙතිඳු පුතේ ඈ.පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා යාන්තම් ෆෝන් එක අරගෙන අර කංකරච්චලේ ඕෆ් කරලා දැම්මා.
නැගිට්ටවන්නත් ලෝබයි මේකා බූවල්ලෙක් වගේ මාව වෙලාගෙන,
යොහ් මේකා නම්.අයියෝඕඕඕඕඕ.........පාරමිතා......
ඒත් ඉතින් පරක්කු වෙන්න බැරි නිසා මම හිමීට අර බූවලු අඩු ටික පැත්තකට කරලා රෙද්දත් පොරවලා අර යක්කු තුන් දෙනාට කෝල් එකකුත් අරන් බාතෘම් එකට රිංග ගත්තා.ඔක්කොම ටික කරගෙන එළියට එනකොටත් මෙතූ හොඳට නිදි.මං ගිහින් කොල්ලගේ උරහිසින් අල්ලලා හෙලෙව්වා.
"මෙතූ නැගිටින්න"
"ම්හ්.....ම්ම්ම්...."
"යොහ් කොල්ලෝ පරක්කු වෙනවා.
ඔබතුමා ෆොටොග්රැෆර් නේද? කෝ කෝ නැගිටින්න""ම්ම්හ්..........වෙලාව..........කීයද?"
"5.40 යි.කෝ ඉතින් නැගිටින්නකෝ"
"නැගිටලා..............ඉන්නේ..........."
"ඇස් අරින්න...කෝ පියාගෙන ඉන්න එපා"
ඒ පාර ඇසුත් පියාගෙන ඔළුව වනනවා.මොනා වුණත් නිදාගෙන ඉන්නකොට නම් මූ මාරම කියුට් ඈ.මම හැරෙන පමාවට එයාගේ ෆොටෝ එකක් ගහගෙන ඊට පස්සේ ඒකගේ අත් දෙකෙන් ඇදලා අරන් බිම හිටෙව්වා.
"කෝ යමු බාතෘම් එකට"
"ම්ම්ම්"
"ඔය ඔය බලාගෙන ඔතන පඩියක් තීනවා යෝධයෝ!!"
YOU ARE READING
F5 | Ongoing
Non-Fictionඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා❤️ 🚫අර කතාවේ ඒවයි මේ කතාවෙ ඒවයි මේකේ මතක් වුණා කියලා වැලලෙන්න නම් එන්න එපා ළමයි.මම...