Breaking News...
"ආයුබෝවන්.මෙන්න දැන් ලැබුණ විශේෂ පුවතක්.
කොළඹ ජාතික රෝහලේ සේවය කරන දන්ත වෛද්‍ය යුවලක් වන නයෝමි මදූෂා සූරියබණ්ඩාර මෙන්ම භාතිය විද්වාන් සූරියබණ්ඩාර දෙපලගේ බාල දියණිය වන 13 හැවිරිදි සහල්‍යා හංසාවී සූරියබණ්ඩාර,ඊයේ රාත්‍රියේ ඇගේ නිවසේදී,තමන්ගේ දෙමව්පියන්ගේ කාමරයට යාබද කාමරයක නිදා සිටියදී හිසට මොට ආයුධයකින් පහර දීමෙන් පසුව ගෙල කපා ඉතා කෘර අන්දමින් ඝාතනය කර තිබෙනවා.
එමෙන්ම එම නිවසේ ස්ථීර සේවකයකු ලෙස කටයුතු කල හේමසිරි පනාගොඩ නැමැත්තා මේ වන විට අතුරුදහන්ව ඇති අතර මෙම මිනීමැරුමට සැක පිට ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසිය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ..........."
බ්‍රේකින් නිවුස් එක දෙවනි වතාවටත් රිපීට් වෙන විදිය මං ඔහේ අහගෙන ඉදියා.ඒක ඇරෙන්න මට වටපිටාවේ කිසිම දෙයක් ඇහුනෙවත්,වෙන්නේ මොකක්ද කියලවත් කිසිම තේරුමක් තිබ්බේ නෑ.මම ඉදියේ සම්පූර්ණයෙන්ම ගල්වෙලා.මම මොකක්ද කරන්න ඕනා කියන එක මගේ ඔලුවට ප්‍රොසෙස් වුනේ නෑ.
මොනාද මේ වෙන්නේ? අනික කොහොමද එහෙම වුනේ? ඇයි එහෙම කරේ? මොකක්ද අපිට මිස් වුණේ?
ඒ එක ප්‍රශ්නෙකටවත් මට උත්තර හොයාගන්න පුළුවන් වුනේ නෑ.
මෙලෝ සිහියක් නැතුව ඔහේ ටීවි එක දිහා බලාගෙන කල්පනා ලෝකෙක ඉඳපු මාව ගැස්සිලා ගියේ ධේනූගේ කෑගැහිල්ලට.
"මෙතුවා!!!"
අනේ එතකොට තමා මට මතක් වුණේ,මගේ කොල්ලා තාම සිහියක් පතක් නැතුව බිම වැටිලා ඉන්නේ කියලා.පිස්සුවෙන් වගේ එතනට දුවපු මම ධේනුව පැත්තකට තල්ලු කරලා දාලා මිතූව මගේ උකුලට ගත්තා.
YOU ARE READING
F5 | Ongoing
Non-Fictionඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා❤️ 🚫අර කතාවේ ඒවයි මේ කතාවෙ ඒවයි මේකේ මතක් වුණා කියලා වැලලෙන්න නම් එන්න එපා ළමයි.මම...