KITTEN🐱

98 11 14
                                    

Next day

උදේම වැඩට ආපු කට්ටිය කසු කුසු ගගා හිටියේ මේ අලුතෙන් යන project එක ගැනයි...තමන්ගේ ceo වෙච්ච A yeon ගේ cool චරිතෙ ගැනයි..

ඒ වගේම අලුතෙන් ආපු seong hee ගැනත් ඔෆිස් එකේ අනිත් අය හිටියේ කුතුහලෙකින්..

අලුතෙන් ආපු seong hee ත් වැඩ එක්ක හිර වෙද්දී office එක ගැන හරියට දැනගන්නවත් වුණේ නෑ..

( එයාට තිබ්බ වැඩ දන්නේ අපි නේ😌)

ඉතින් කට්ටිය අලුතෙන් අදුරගන්න හිතාගෙන එයාගේ එහා පැත්තේ හිටපු තරුණ පෙනුමක් තියෙන කෙල්ලට පොඩි තට්ටුවක් දාලා seong hee ආචාර කරලා එයාව හඳුන්වලා දුන්නා..ඉතින් ඒ කෙල්ලත් ඒ විදිහට seong hee ට ආචාර කරලා හඳුන්වලා දුන්නා..එයාගේ නම kim min ha

ඉතින් seong hee එයත් එක්ක ටිකක් කතා කරලා හඳුනා ගන්නවාත් එක්ක ..min ha අනිත් අයවත් එයාට හඳුන්වලා දුන්නා...එතන ඉන්නවා තවත් පිස්සු කෙල්ලෙක් lee na rang කියලා..

ඉතින් min ha යි na rang නුයි එක්ක ඔෆිස් එක වටේ ගිහින් කට්ටිය හඳුන ගෙන.. ඔෆිස් එකේ තැන් පෙන්නලා දීලා ආයෙත් ආවා ඔෆිස් රූම් එකට..

හරියටම 8.00 වෙද්දී ඇහුන ඒ අඩි සද්දෙ A yeong එනවා කියන්න හමොන්ටම පෙන්නන ඉගියක් වගෙ..

අඩි සද්දෙ ඇහෙනවත් එක්කම කට්ටිය හිටපු තැන් වලින් විසිරිලා තමන්ගේ තැන් වල හිට ගත්තේ පොඩි වැරැද්දකින් තමන්ගේ job එක එක තප්පරෙන් වුනත් නැති වෙලා යන්න පුළුවන් හින්දා..

කළු sunglass එකත් දාගෙන හැගීම් විරහිත මුණකින් කාගෙවත් දිහා නොබලා A yeong කැබින් එකට ගියේ සුපුරුදු විදිහටම උදෑසන සුභ පැතුම් නොසලකා හැරලා..

Cabin එකට ගියපු A yeong , manager වෙච්ච mr.lee ට call කරලා meeting එකක් ලෑස්ති කරන්න කිව්වා..

In meeting

A yeong -

අපිට අලුතෙන් මේ ලැබිලා තියෙන project එක මේ company එකට ගොඩක් වැදගත්..ඉතින් මේකේ තියෙන බරපතලකම හැමෝම තේරුම් ගන්න ඕන..මේ වැඩේ මටවත් ඔයාලටවත් තනියෙන් කරන්න බැහැ..අපි හැමෝම එකතු වෙලා කරන්න ඕන..මොකද comapany දෙකක් අපි එක්ක එකතු වෙලා ඉන්නවා..මොකක් හරි වුණොත් වෙන lost එක ගැන හිතාගන්න පුළුවන් ඇති කියලා හිතනවා..තම තමන්ට පැවරිලා තියෙන රාජකාරි ඒ විදිහට කරන් ගියා නම් හොඳයි හැබැයි එක්කෙනෙක් හරි මේ වැඩේ අවුල් කරොත් දන්නව නේ.. ආයේ මේ korea වලම වැඩක් හොයාගන්න බැරි වෙයි..

MY BABY KITTEN   Where stories live. Discover now