"අදින් පස්සේ අපි විතරක් නෙවි මේ මුළු මැන්ශන් එක්ම නිදහසේ හුස්ම ගනීවී..!"
"අඳුරු මතක හංගගෙන ම..!"
දවස් දෙකකට පෙර වංශසිංහ බංගලාවේ සාලෙට අලුතින් ම එකතු වුණු, සාලේ මැද්දේ හතර වටෙන් වට කරපු වියනේ අස්සේ තිබුණු පොල්තෙල් පහනට තෙල් වක්කරාට පස්සේ පහන ළඟ නොපිට හරවලා තිබුණු බුලත් අතෙන් බොඩි එකේ හතර වටේ පොඩි පොඩි එළිවලට වහපු චුටි චුටි සත්තුන් ව එලවන මැදි වයසේ ගැහැණු කෙනා දිහාත් සාලේ මැද්දේ ඔහේ තියෙන දැවයෙන් තැනු පෙට්ටිය දිහාත් ඒ වටේට තියෙන ඇත් දළ, පහන්, මල්වඩම් දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් ආවින්ද්ය කිව්වේ අයෝධ්යගේ අත තද කරලා අල්ලලා ආයෙත් අත අරින ගමන්...
ඒක නිකන් ම නිකන් වියනක් නෙවි..!
ඒක මළවියනක්.! රටේ හිටපු ජනාධිපති කෙනෙක්ගේ මුණුපුරාගේ මළවියන.. රටේ හිටපු අගමති කෙනෙක්ගේ පුතාගේ මළවියන..! රට වටේ ගෑණු තියන් හිටපු මිනිහෙක්ගේ මළවියනක්..! නැත්තම් තමන්ගේ ළමයිගේ ජීවිතේ කළු ආගාධයකට ඇද දාන්න උත්සහ කරපු තාත්තෙක්ගේ මළවියනක්..! කොටින් ම කිව්වොත් සතියකට හත්පාරකට වැඩියෙන් මනුස්සයෙක්ගේ ලේ අතේ ගා ගත්තු වර්තමාන අගමැති වන ලසිත් වංශසිංහට අයිති වුණු මළවියනක්..!!
අත් දෙක එකතු කරලා වදින්නේ නැතුව දරුණු ගණයේ හිනාවල්, කට කොනින් හිනා වෙන හිනාවල්, දෙන තේක,බීම එක කාටවත් නෝපෙනෙන විදියට ශැම්පේන් එකක් විදියට මවා ගෙන චියර් කරන විදිය මේ ඇමති පුත්තු දෙන්නා දැක්කත් කරෙ කට කොනින් හිනා වෙන එක විතරමයි.. මේ මළවියන දකින්න සමහර මිනිස්සුන්ට කොච්චර උවමනාවක් තිබුණ ද කියලා මේවා දකින ඕන ම කෙනෙකුට කියන්න පුළුවන්..! මොකද එතනට ආපු ගොඩාක් අය හිටියේ දුකින් නෙවි.. සතුට කියන මුණට උඩින් දුක කියන වෙස් මූණක් දා ගෙන හිටියේ..
මීඩියාවලට හොඳ නිවුස් එකක් උනත් සමහර මිඩියාකාරයෝ වංශසිංහ ආර්යාවගෙන් වොයිස් කට් ගනිද්ද පවා වංශසිංහ ආර්යාව අත් කාචයක් කියා අන්වීක්ෂයකටවත් හොයා ගන්න බැරි කඳුළු පිස දැම්මේ හිතේ පුන පුනා නැගෙන සතුට මුළු ලෝකෙන් ම සඟවා ගැනීමට අවශ්‍ය නිසා ය.
YOU ARE READING
SAKURA
Romance"සල්ලාල පුත්තු..!!!" මිනිස්සු ප්‍රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙ ම එහෙමලු..!! මේ අළු මතින් ගොඩ නැගුණු ප්‍රභු පැලැන්තියේ සල්ලාල පුත්තුන්ගේ කැඩපත් කතාවයි...! WARNING!!! Copying Is Not Permitted!!! 2024.11.25