"අදීශ් පුතා.. පොඩ්ඩක් එන්න.." ගර්ල් ස්කූල් එකේ මැඩම්ලා වගයක් එක්ක කතා කර කර හිටියා අපේ මියුසික් මෑම් මට කතා කරම මම තිසෙන්දිගේ වතුර බෝතලෙ ආයෙත් දීලා ආවා.. අද ස්කූල් එකේ ප්‍රැක්ටිස්වලට අමාශියි තිසෙන්දියි දෙන්න ම ඇවිත්.. ගොන්කටු ආරේ කෙල්ලෝ විසි පහක් ඇවිත් අයිටම්වලට ප'ෆෝම් කරන්න.. මම මැඩම් ගාවට යද්දි මැඩම් තව මැඩම්ලා වගයක් එක්ක මේක කරන විදිය ද කොහෙද කතා කරනවා..
"අදීශ් පුතා.. කෝ මේ ආවින්ද්‍ය පුතාලා..? තාම නෑනේ.. ගිහින් ආවින්ද්‍යවයි, ජෙගන්වයි එක්කන් එන්න.. අයියා ඉද්දි මල්ලි නෑ.. දැන් මල්ලි ඉද්දි අයියා නෑ.."
"සංගීතා මැම් කියන්නේ වංශසිංහ අගමැතිතුමාගේ පුතාලා ගැනද..-"
අනේ මනදා ඒ මනුස්සයා පට්ටමෙන් ගැළවිලා මාස ගාණක් වුණත් මිනිස්සු තාම කියන්නේ අගමැති කියලා.. මම මියුසික් මැම්ටයි එතන හිටපු අනිත් මැම්ලටයි ලාවට හිනා වෙලා නවරඟහලේ දොර ගාවට යන්න හැරෙද්දි ම මාල ගිරවයි ජෙගන් අයියයි මේ පැත්තට හැටකට ගහන්න වගේ ආව නිසා මම හිමින් සැරේ අනිත් පැත්තට හැරුනා..
දෙයියනේ මෙච්චර කෙල්ලෝ..!
මම කෙල්ලෝ විස්සකගේ විතර මැදින් හරහෙට මෙහෙට පැන පැන යසිරු ළඟට යන්න ගියා.. ඒකට මෙලෝ ගාණක් නෑ කකුල් දෙකත් දිග ඇරන් තිසෙන්දි කියවන දේකට අමාශිත් එක්ක සිරික්කිය.. මම එතනට යන්න හැදුවත් එක පාරට ම එතන කෙල්ලො ටිකගේ කසු කුසුවට නැවතුණා..
අහන් ඉන්නේ නෑ.. මම මේ අඩු පාඩු බලනවා.. ඇහෙනවට මට කරන්න දෙයක් නෑ..!!
"අර බලන්නකෝ.. අරයා මගෙත් එක්ක කතා කරලා ගියේ.. දැන් අර නැට්ටිච්චි එක්ක කතාව.."
"දැන් බලන්නකෝ අර තව කොල්ලෙක් දා ගෙන.. හෙන ලොකුකමක් තියෙන්නේ.. අනේ මංනේ එයාට එකට ම කැමති උනේ.."
"එයාට හතර වටේම කොල්ලො ද කොහෙද.. ස්කූල් එකේ දී උනත් වැඩිය කතාවක් නෑ ළමයි එක්ක.."
අමාශි කොහොමත් ඒකිට සෙට් නැත්තම් එල්ලි එල්ලි යන්නේ නෑ.. ඒකිගේ හැටියට මෙහෙම හරි යාළුවෝ ඉන්න එක ගැන අධිලාශ් අයියා සතුටු වෙන හැටි අපිනේ දන්නේ.. අනිත් එක්ක අයෝධ්‍ය අයියා මේකිට කැමති ද කොහෙද.. ඒක අධිලාශ් අයියටත් ප්‍රශ්නයක් නැත්තම් මුන්ට මොන ප්‍රශ්නද.. සැක් මේ කෙල්ලෝ නම් ගමේ ඉන්න අංගුහාමි ආච්චිට වඩා හපන්නේ..!
YOU ARE READING
SAKURA
Romance"සල්ලාල පුත්තු..!!!" මිනිස්සු ප්රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙ ම එහෙමලු..!! මේ අළු මතින් ගොඩ නැගුණු ප්රභු පැලැන්තියේ සල්ලාල පුත්තුන්ගේ කැඩපත් කතාවයි...! WARNING!!! Copying Is Not Permitted!!! 2024.11.25