3 කොටස

43 6 1
                                    

"ආදරේට ඕන දෙයක් කරන්න හැකිලූ..
සල්ලි නැතත් රජ වෙනවාලූ..
උලත් එකයි පිලත් එකයි මළත් එකයි නැතත් එක්-"

"නයිස් නයිස්..!! තා හයියෙන් කෑ ගහපන්..!"

දහතුන එම් එකේ කොල්ලෝ හතලිස් දෙනා ම පීරියඩ් තුනක් තිස්සේ ඩෙස්, පුටු රත් කරලා හතරවෙනි පීරියඩ් එකේ ක්ලාස් එකට ඇවිත් බජව්වක් දැම්මත් මොකද ඒ බජව්වට වැඩි වෙලාවක් රජයන්න බැරි උනේ ස්කෝලේ ඉන්න කාගෙත් හිත දිනා ගත්ත ටොප් බෝඩ් එකේ ඉන්න තුන් කට්ටුව ක්ලාස් එකට කඩන් පැනපු නිසා..

"........................."

"අහල පහල ක්ලාස්වල වැඩ කෙරෙනවා කියලා දන්නේ නැද්ද.. කවුද මේකේ මොනිටර්..!?"

ආවින්ද්‍ය ක්ලාස් එකේ මොනිටර් කවුද කියලා දැන ගෙන ම එහෙම ඇහුවා නෙවි කෑ ගැහුවා.. මොකත් මේ අවදානේ ඕන වෙලානේ බොරුවට.. ඒ එක්ක ම කහ පාට කොල්ලෙක් නැගිට්ටේ ආවේ ශක්‍රයා උනත් රවාගෙන..!

"ක්ලාස් එකේ ළමයිව පාලනය කරන්න දන්නේ නැද්ද..?"

ඒ අයෝධ්‍ය.. අධිලාශ් මේ හැමදේයක් දිහා ම හොඳට බලන් ඉන්නවා.. මොකද මේ නැඟිටලා ඉන්නේ රගර් කණ්ඩායමේ වයිස් කැප්ටන්..!

"මම දන්නවා..!"

අදීශ් කියලා ඇස් රෝල් කරලා අහක බලා ගත්තත්-

"අයියේ.. මම තමයි පටන් ගත්තේ..!"

යසිරු නැගිට්ටේ ඇත්තට ම යසිරු පටන් ගත්තු නිසා.. ඒත් මොකද්ද..?

"ම්ම්ම්... තව විනාඩි දහයකින් ඉන්ටවල්..! කන්න ඕන නම් මේ විනාඩි දහය පාඩුවේ ඉන්න.."

අධිලාශ් කියලා යන්න හැරුණත් ආවින්ද්‍ය නම් හිටියේ එයාගෙ ම ලෝකෙක.. අයෝධ්‍ය උගුර පෑදුව ම මේ ලෝකෙට ආපු ආවින්ද්‍ය හැරිලත් තාමත් හිට ගෙන හිස් බැල්මකින් බලන් ඉන්න අදීශ් දිහා බැලුවේ මොනවදෝ හිරියක් හිත ඇතුළෙන් ඇදිලා යද්දි.. සමහරවිට ගැස්ට්‍රයිටිස් වෙන්න ඇති..!

අර තුන්කට්ටුව ක්ලාස් එකෙන් යනකනුත් හිටන් ඉදලා තවමත් හිටන් ඉන්න අදීශ්ගේ අතින් යසිරු ඇදලා වාඩි කරේ අදීශ්ගේ උස ඇගට සරිලන විදියට පිහිටා තිබුණු නිසා..

''කන්නේ නැද්ද..?"

වෙනදා ඉන්ටවල් එකට කලින් කෑම කන කොල්ලෝ ටික අද ඉන්ටවල් එකට ම කෑම ගත්තේ මොකද දන්නේ නෑ.. ලන්ච් බොක්ස් එක අර ගෙන මේසේ උඩින් තියපු විදියට ම තියා ගෙන ඉන්න අදීශ්ගෙන් යසිරු ඇහුවේ හේතුව මොකද්ද කියලා හොඳට ම දැන ගෙන..

SAKURAWhere stories live. Discover now