"තැන්ක්යු..!"
මම පික් මී එකේ ඩ්රයිවර් යනකන් ඉදලා ගේට් එක ළඟ හිටිය අන්කල්ටත් හිනා වෙලා නවරඟහල පැත්තට යන්න හැරුණා.. ඊයේ-නෑ අද පානදර නිදා ගෙන අවදි උනේ අටට විතර.. ඒකත් සෙව් නැති නම්බර් එකකින් ආපු කෝල් නිසා.. මට කවුද කියලා බලන්න ආන්සර් කර ගන්න බැරි උනාට කෝල් බැක් කරත් කෝල් එක ගත්තු මනුස්සයා ආන්සර් කරේ නෑ.. මාත් දමලා ගහලා නිකන් හිටියා..
ඊට පස්සේ දත කට මැදලා කිරි එකක් හදා ගෙන ඊයේ බාගෙට කාපු කෝෆි කේක් එකත් කාලා ස්කූල් ටීඑකකට බොටමක් ඇදලා පික් මී එකක් දාන් ස්කෝලේට ආවා.. මගේ පප්පා මං නැතුව පාළුවෙන් ඉගෙන ගන්නවා ඇති..
මම නවරඟහලට එද්දි හෙළයේ මහා තුන් කට්ටුව මොනවද ෆයිල් වගයක් චෙක් කරනවා.. තව දවස් දෙකක් වගේනේ තියෙන්නේ.. මම ගිහින් ඩෙස් එකක් ළඟ තිබුණු පුටුවක ඉදගෙන බෑග් එක ඩෙස් එකට ඇතඇරලා වෙලාව බැලුව ම අටයි පනහයි.. තව පැයක් විතර තියෙන නිසා මම බිස්නස් ශෝට් නෝට් එකක් දිග ඇරගත්තා පාඩම් කරන්න.. මේවා කරා වගේ නෙවි ලකුණු අඩු වුණොත් බාප්පා මාව තට්ටු හයකින් පහළට ඇදලා දාවී..
ටික වෙලාවකින් අයෝධ්ය අයියා නැඟිටලා ගියා.. ඊට පස්සේ මං වගේ ම ඇඳන් ඇවිත් හිටපු බයෝ එකේ තුහිනු ඇවිත් ආවින්ද්ය අයියත් එක්ක මොනවදෝ කතා කරනවත් දැක්කා.. ඒක කතා කරනවට වඩා රණ්ඩු වෙනව වගේනේ.. උඹට මොකද අදීශයා.. කටපියන් පාඩම් කරපන් යකෝ..! ඒ වුණාට තුහිනු කියන්නේ හිත හොඳ කොල්ලා.. ස්පෝට්ස් මිට් එකේ අපේ හවුස් එකේ වයිස් කැපා. මමනේ කැපා.. එතකොට යසිරුවා ගේම්ස් කැපා.. යසිරු උගේ මමත්වය-මගේය යන හැඟීම නිසා මුල දී රව රව බුම්ම්න හිටියත් මැදක් හරියෙදි පට්ටට ම සෙට් උනා තුහිනු එක්ක.. අපි කැලේ.. ඒත් ස්පෝට් මීට් එකෙන් පස්සෙ නම් වැඩිය සෙට් වුණේ නෑ..
ටික වෙලාවකින් අයෝධ්ය අයියා කෝෆි කප් වගයක් උස්සන් ආවා.. ඊට පස්සේ අර තුන් දෙනාට දීලා-මේ පැත්තට නේද එන්නේ.. කෝෆි කප් දෙකක් උස්සන් අයෝධ්ය අයියා මේ පැත්තට එද්දි මම ලාවට ඔළුව උස්සලා ඒ දිහා බැලුවම පොර මට කෝෆි කෆ් එකක් දික් කරා.. මම ටිකක් වෙලා බලන් හිටියා ගන්නව ද නැද්ද කියලා.. අර තුන් දෙනානම් බොනවා.. යකෝ ටිකකට කලින් තුහිනු ගහ ගන්න-
YOU ARE READING
SAKURA
Romance"සල්ලාල පුත්තු..!!!" මිනිස්සු ප්රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙ ම එහෙමලු..!! මේ අළු මතින් ගොඩ නැගුණු ප්රභු පැලැන්තියේ සල්ලාල පුත්තුන්ගේ කැඩපත් කතාවයි...! WARNING!!! Copying Is Not Permitted!!! 2024.11.25