ඉතින් තත්පර, මිනිත්තු කටු වට ගහලා පැය කටුවටත් වට ගහන්න උදව් කරලා දින සති මාස ගෙවිලා අවසානේ ලසිත් වංශසිංහගේ තුන් මාසේ දානෙත් දුන්නලූ...
ඉතිං අවසානෙට වංශසිංහ පුත්තු දෙන්නා උසස්පෙළ ලියලා ඉවර කරලා අලුත් අවුරුද්දේ අලුතින් පාසල් පටන් ගන්නකන් ඉන්නේ තව අවුරුද්දක් ස්කෝලේ යන්න..
නෑ නෑ.. වංශසිංහ පුත්තු දෙන්නා විතරක් නෙවි ස්කෝලේ හෙඩ් බෝඩ් එකේ ඉන්න වංශසිංහ පුත්තු දෙදෙනා ඇතුළුව ළමයි තුන් දෙනා ම ඉන්නවා බලා ගෙන ස්කෝලේ යන්න.. පහුගිය සතියේ පළන්දන්න ඕන බැජ් පළන්දලා, කලින් හිටිය හෙඩ් බෝඩ් එකේ සහෝදරයින් තිදෙනා ම ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් උනේ අලුතින් බැදුණු තිදෙනාට පාසලේ වගකීම් ගොන්නක් පටවලා..
ඒ විතරක් නෙවි, වංශසිංහ බංගලාව තුන් මාසේ දානෙන් පස්සේ පොළොවට ම සමතලා නොකර සමහර කොටස් කඩා දමලා සමහර කොටස් අලුතින් එකතු කරලා අලුතින් හැදුවෙත් වංශසිංහ පුත්තු දෙන්නගෙයි වංශසිංහ ආර්යාවගෙයි උවමනාවට..!
ඒත් චෙරි ගහ පාමුල තියෙන ටොම්බ්ස්ටෝන් එකට අතක් තියන්නවත් කිසිම කෙනෙක්ට අවස්ථාවක් නොලැබුණේ වංශසිංහ පුත්තු දෙන්නා නිසයි..!!
"ලොකූ..! පොඩී..! ඩිනර් ගන්න එන්න..!"
ඉතින් වංශසිංහ ආර්යාව වුණු ලේඛා පස්වෙනි මහලේ සිටින තමන්ගේ පුතුන් දෙදෙනාට රාත්‍රි ආහාරය ගැනීමට ඇමතුවේ සීතාගේ උදව් ඇතිව කෑම, කෑම කාමරයට යවමිනි...
"අම්මා.. මේ ලොකු මගේ කොණ්ඩෙන් කපන්න හදනවනේ..!"
"අම්මා.. පොඩී ස්කෝලේ යන්නේ කොණ්ඩ කුරුල්ලෙක් වගේ ද.. මම නේ හෙඩ්.. ඉතින් මගේ මල්ලිගෙ කොණ්ඩේ කපලා එපැයි අනිත් අයගේ කොණ්ඩේ කපන්න ඕන.."
පස්වෙනි මහලේ කේශ දබරය හතර වෙනි මහලටත් ඇහෙනවා.. ඉතින් කාට ද රාත්‍රි ආහාරය අවශ්‍ය..!
"යකෝ..! ඔය ස්කෝලේ ම ඩිපියුටි මම..!!"
තම අතට තම හිස ද-තම හිසට තම අතමය සෙවණල්ල කියලා කියනවනේ.. ඒක තමයි මෙතනත් උනේ..
"දෙන්න ම පහළට එනව ද මම උඩට එන්නද..!!?"
"පුන්චි බේබිලා එයි ලොකු නෝනේ.. තාම පොඩියිනේ..."
YOU ARE READING
SAKURA
Romance"සල්ලාල පුත්තු..!!!" මිනිස්සු ප්‍රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙ ම එහෙමලු..!! මේ අළු මතින් ගොඩ නැගුණු ප්‍රභු පැලැන්තියේ සල්ලාල පුත්තුන්ගේ කැඩපත් කතාවයි...! WARNING!!! Copying Is Not Permitted!!! 2024.11.25