"එතකොට කළා උළෙලට එන උන්ට අද ඉදන්-ආහ්හ්-නෑ හෙට ඉදන් ආෆ්ටර් ස්කූල් ඉන්න ඕනේ ප්රැක්ටිස්වලට... ආහ්.. අල්ලපු වැටේ කෙල්ලෝ ටික හරි.. ප්රැක්ටිස්වලට ඉන්න නිසා පීරියඩ්වලට යන්න බැරි වෙන එකට මියුසික් මෑම්ව මීට් වෙලා ලෙටර්ස් සයින් කරව ගන්න ඕනේ.. ඊට පස්සේ ආවින්ද්ය අයියගෙනුයි ක්ලාස් ටීචර්ගෙනුයි සයින් කරවගෙන ඒක තම තමන්ගේ ක්ලාස් එකේ බාහිර වැඩ ෆයිල් එකේ දාලා පංති නායකයව දැනුවත් කරන්න ඕනේ.. උඹලා එකෙක් හරි එහෙම නොකරලා අපෙන් මැම් කෙනෙක් හරි සර් කෙනෙක් හරි ඒ ගැන අහන් ආවොත්-ඒ වෙලාවට බලා ගමු.."
උදේ පාන්දර කෝච්ගෙ දේශනාවෙන් මිදිලා ක්ලාස් එකට ආව විතරයි අර හොට තැලිච්ච මාල ගිරවා ඇවිත් 'දහය වෙද්දි නවරඟහලේ මීටින් එකක්-වරෙන්' කියලා ආවට පස්සේ මට කියවලා මේ රෙද්දවල් කියවනෝට හෙන ම ගහපන්..! පේන්නේ නැද්ද අර වාඩි වෙලා වැල් තුනක් එල්ලෙන සිල්වර් ක්ලර් බැජ් එක හද හද ඉන්න හැටි..!
"ප'ෆෝම්වලට නම් දීලා 'ආච්චිගේ මගුල් ගෙයයි, අයියගේ දානේ ගෙයයි කියලා උඹලට පොල්ල තියන්න බෑ.. තොපේ හිනාව නවත්තපල්ලා..! හිනා වෙන්න මොනව හරි කිව්වද..!?? කොහෙද හිටියේ-මගුල් දාන ඒවා මට අදාළ නෑ.. ආ.. ඔයාලගේ නමයි ප'ෆෝම් කරන අයිටම් එකයි ලියලා මාල්-ආවින්ද්ය අයියට දෙන්න.. ඉස්සදින්.!!! අහන් ඉදපන් යකෝ...! ෆොටෝස් ටික වැඩ බලපන් හරිද.. ඒක නැති උනොත් බයෝ මැඩම් කාවි තොගේ ඔළුව.. ඊට පස්සේ බජට් එකේ වැඩ ටික අයෝධ්‍ය අයියා බලා ගන්නම් කිව්වා.. උඹලට ඒ ගැන වද වෙන්න ඕනේ නෑ... හෙට නවතිද්දි කෑම එකක් එහෙම ගෙනෙන් හතර පහ වෙයි.. තව මොනවා හරි තියේද.. ආහ්.. මේ කෙල්ලෝ ආවම උන්ට ලයින් දැමිලි ඒවා මොනවත් බෑ.. ස්පෝට්ස් මීට් එකේ ඉන්වයිට් ස්කූල්වල කෙල්ලෙක්ට ලයින් දාන්න ගිහින් මතකනේ..! හෙට දහය වෙද්දි ප්‍රැක්ටිස් පටන් ගන්නවා.. එච්චරයි.. ප්‍රශ්න තියේද ප්‍රශ්න..?"
හපෝ මුන්ගේ මූණවල් දැක්ක ම මෙතනින් ලේසියක යන්න වෙනවා කියන එක බොරුවක්..!
"කවුද දන්නේ නෑනේ එන්නේ..? ගිය පාර ආවෙත් රවින්ද්‍ර රන්දෙණිය සර්නේ..!?
ඒකනම් මටත් ප්‍රශ්නයක්..!
"සර් තාම දැනුවත් කරලා නෑ.. වැඩකට ඇති දෙයක් අහපන්කෝ.. වෙන වෙන..??"
YOU ARE READING
SAKURA
Romance"සල්ලාල පුත්තු..!!!" මිනිස්සු ප්‍රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙ ම එහෙමලු..!! මේ අළු මතින් ගොඩ නැගුණු ප්‍රභු පැලැන්තියේ සල්ලාල පුත්තුන්ගේ කැඩපත් කතාවයි...! WARNING!!! Copying Is Not Permitted!!! 2024.11.25