"දන්නවද ඔයාට තියෙන ආදරේට මම ඔයා ගැන තියෙන හැම දෙයක් ම කටපාඩම් කර ගත්තා..!"
"ඒ උඹට තියෙන ආදරේටනේ..."
"ඔයාට අපි කහ පාට ගවුමක් අන්දන්නම්.. ඇහැළ මලක් වගේ ඉන්න.."
"............................................."
"අමාශිගෙන් හරි තිසෙන්දිගෙන් හරි ඉල්ලලා බලන්නම්..!"
".........................."
"ඔයාගේ අත් ඇයි අනේ මෙපමණට ගොරෝසු.. අපි ලියාඩයමන්ඩ් එකක්වත් ගාමු..!"
"ලියාඩයමන්ඩ් ගාන්නේ නෑ බන්.. බොන්න තියෙන්නේ..!"
"උඹ කටපියන් ඉඳපන්කෝ.. මට ලව් කරන්න දීලා.. ඊර්ෂ්යා මූට සහගහන ඊර්ෂ්යා චූටි..!"
"..............."
"බලන්න.. මේ සමාජය කොතරම් අහිතවාදී ද කියලා.. ඔයාව නිර්වස්ත්රව තියලා තියෙන්නේ..! කූර ලෝකය.. මම ඔය්-"
"කට වහගනින්කෝ පොඩ්ඩක්..!!"
"මට බෑ.. පුළුවන්ද දෙයක් කරපන්.. උණට පිස්සුද පගෝ බයෝ ලැබ් එකට ඇවිත් ගණන් හදන්න.. පිස්සු කොල්ලහ්..!"
යසිරුයි අදීශ්තුයු බයෝ ලැබ් එකට වෙලා බයෝ මැඩම් එනකන් බලන් හිටියත් තාම නෑ..! කොමස් කරන ඩබල බයෝ ලැබ් එකේ මොකද්ද කරන්නේ...
"රෙද්ද ක්රිකට් ගහන්නත් නැති වුණා.. මැඩමුත් තවම නෑ..!"
ඒ ළග හිටිය කොල්ලෙක් කිව්වේ ඉන්ටවල් එක ඉවර වෙලා විනාඩි විස්සකුත් ගිහින් තවමත් බයෝ මැඩම් ලැබ් එකට ආවේ නැති නිසා...
"ඔයා දන්නවද චූටී.. ම්-"
"උඹ කටවහ ගත්තේ නැත්තම් ඔබනවා පෑන කටට දැන ගනිම්..!"
අදීශ් තරහින් කියවගෙන ගියත් ඒ කිසි ම දෙයක් ගණන් නොගෙන යසිරු ආයෙත් කතාව පටන් ගත්තා..
"අපි දෙන්නා කන්දක් උඩ ගෙදරක් හදා ගෙන ජීවත් වෙමු.. අපිට එතන ගැලපෙනවා.. ඒත් කඳු උඩ ගෙවල් සෙට් නෑනේ.. හදිසියෙන්වත් නාය ගියොත්..! ම්හ්ම්.."
".............."
"තො.. තෝ මගෙන් කන්නේ මේ පොතෙන්.. බලපන්.. මේ ගාණ හදන තුන්වෙනි පාර..!"
"ඉතින්.. උඹ අපි දෙන්නට ලව් කරන්න දීලා ගණන් බැරි නම් බබෙක් හරි හදා ගනින්..!"
YOU ARE READING
SAKURA
Romance"සල්ලාල පුත්තු..!!!" මිනිස්සු ප්රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙ ම එහෙමලු..!! මේ අළු මතින් ගොඩ නැගුණු ප්රභු පැලැන්තියේ සල්ලාල පුත්තුන්ගේ කැඩපත් කතාවයි...! WARNING!!! Copying Is Not Permitted!!! 2024.11.25