"අතැර ගිය පසු බෙදාගත් ඒ සංසාරයක පංගුව..
කොහොම නම් දැන් සොයා යන්නද ජීවිතය ඇති වංගුව..
සයුරකම ඇතිමුත් ගිලා බැහි නැව් රුවල් ගෙන නැංගුව..
එහෙම තැන්වලමයි තියෙන්නේ කඳුළු හොරැහින් හැංගුව..."අදීශ් එහෙම ම අතේ තිබුණු ගිටාර් එක පැත්තකින් තියලා තණපිස්සේ හාන්සි වෙලා අහසේ පායලා තිබුණු තරුවලට ඇස් යැව්වා.. අහස දිහා බලන් ළා හිනාවකින් හිනා වෙලා සාක්කුවට අත දාලා හතර නවපු පුංචි කොළය ඇදලා අරගෙන ලාවට එළිය වැටිලා තිබුණු තණකොළ ටික ළගට ඒ කොළය දිග ඇරලා ලියලා තියෙන දේ බැලුවා..
"ආශා නැති ද සත් මහලෙන් පිටත ලෝකය දකින්න.." සත් මහලක්..! මහල් හයයි..! කට කොණින් හිනා වෙලා කොළයට රවන්න පුළුවන් තරමක් රවලා ආයෙත් හඳ දිහා බලලා කොළය පොඩි වෙන්නේ නැති වෙන්න නවලා සක්කුවට ඔබා ගත්ත අදීශ් ආයෙත් ඇස් දෙක පියා ගෙන කල්පනා කරා..
"ඇයි ගියේ..? ම්-මන් අහන්නේ ඇයි..? ආහ්.? ඇයි..!?" කොල්ලගේ කටහඬ බිදිලා.. හඳට පොඩ්ඩක් එහායින් තියෙන තරුවක් දිහා බලා ගෙන අදීශ් කතා කරේ තරුවත් එක්ක.. ටික වෙලාවක් තරුව දිහා රවාගෙන බලන් ඉදලා ආයෙත් හුස්මක් පහළ දාපු අදීශ් ගිටාර් එකත් අරන් ම ගේ ඇතුළට ගියා...
"සුදු පුතා.. මොකද මේ ගිටාර් එකක් අරන්..?"
"නිකන් බාප්පාච්චී.. සිංදුවක් කියන්න හිතුනා.." අදීශ් මවා ගත්තු හිනාවකින් කියලා යන්න හැරෙද්දිම,
"හෙට පන්සලට යන්න ඕනේ.. සුදු පුතාත් එනවනම් එන්න..!" ඒ කටහඬින් කිව්වේ අනිවාර්යයෙන් ම එන්න කියලා මිසක් කැමති නම් එන්න නෙවි බව තේරුණු අදිඔශ් ළා හිනාවක් මූණට ගත්තා..
"මාත් එන්නම්.."
දිසානායක මැන්ශන් එක එහෙම වෙද්දි වංශසිංහ මැන්ශන් එක නම් කන පිට පෙරළිලා තිබුණේ...
"යෝහ්හ්..! ඔහොම නෙවි අනේ..! ආවින්ද්ය අයියේ බලන්නකෝ.. මේ බුරුවා චොකලට් ටික කනවාආආආ..!!!"
"පොඩීඊඊ.!!"
"පොඩි කෑල්ලක් ගත්තේ අනේ.. ආව්ව්..ආව්ව්.. රිදෙනවා බන්.. ඌයී..!"
වංශසිංහ බංගලාවේ පොඩි යක්කු දෙන්නට අමතරව අධිලාශ්ගේ සදාදරණීය නැගණියත් ඇවිත්... අමාශී එයාගේ ලේඛා අම්මාට දෙන්න කියලා වංශසිංහ මැන්ශන් එකේ කිචන් එකට වෙලා කේක් එකක් හදන ගමන් වටේ ඉන්න චොක්ලට් පෙරේතයන් පලවා හරිනවා..
YOU ARE READING
SAKURA
Romance"සල්ලාල පුත්තු..!!!" මිනිස්සු ප්රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙ ම එහෙමලු..!! මේ අළු මතින් ගොඩ නැගුණු ප්රභු පැලැන්තියේ සල්ලාල පුත්තුන්ගේ කැඩපත් කතාවයි...! WARNING!!! Copying Is Not Permitted!!! 2024.11.25