"උඹට කියන්න ඔය කේශුවැටුවා ඉන්න නේද.. ඕකා යකෝ මරව මරව වැඩ ගන්නේ.. දැන් බලපන් වෙලාව හතරයි..! ඕකා මන් ගෙදරට කකුල තිව්ව වෙලේ ඉදන් අරක කරපන්, මේක කරපන්, ඊමේල් දාපන්, ෆොටෝ එකක් දාපන් බ්ලා බ්ලා බ්ලා.. වැඩ දාහක් කිව්වා..."
යසිරු බනිනවා, මිල්ක් චොකලට් දාපු යෝගට් හැන්දක් කටේ දා ගන්නවා හපනවා.. ආයෙත් බන්-
"අදීශයා අම්මපා අමාශි නැත්තන් මම ඕකට කරන දේ-ආහ්හ්..!! යකෝ හාෆ් ඇමරිකන් නිසා ද මුගේ මෙච්චර ලොකුකම.. අනේ ඇත්තමයි ඕකගේ ඇට දෙක තලන්න නෑනේ මට මිරිස්ගලකින්.. මිරිස්සේ නැද්ද බන් දේවාලයක් හොඳ මූට අඹරන්න හොඳ ගුලියක්..!!"
"මං හිතන්නේ නෑ බන්.. අහලා කියන්නම්කෝ..!!" මෙහෙමයි ඉතින් තියෙනවා ඇති.. කවුද දන්නේ..
අදීශ්ට කන්න නොදී ගේ ඇතුළට පැනපු යසිරු තඩි ෆයිල් දෙකකුත් කෝෆි ටේබල් එක උඩින් තියන් අධිලාශ්ටත් බන්-
"දැන් මම ද ඔර්ගනයිෂේශන් කරන්න ඕනේ.. එහෙනම් පට්ටම ගලවලා මට දෙන්න කියහන්.. අන්කල් සයුර් නිසා මම ඉවසන්නේ.. ඇත්ත්-"
"කී දෙනෙක් නිසා ඉවසනවද දැන් උඹ..? ඕකා නවත්තලා වරෙන් මේ ටික ඉවරයක් කරන්න.." අදීශ් යෝගට් කප් එකත් අරන් නැඟිටලා ගියේ යසිරුත් අධිලාශ්ට දෙහි කප කප එද්දි..
"මේක ධනවාදීන්ට ගිය රටක්නේ යකෝ..! මෙහෙම හිටියට අපේ තාත්ති තමා ලංකාවේ ෆස්ට් ක්ලාස් ෆැශන් ඩිසයිනර්..! එතකොට අම්මා ඩොකෙක් යකෝ ඩොකෙක්..! මුන්ට ගාණ-ඒක ගැළපෙන්නේ නෑනේ... එතකොට බන් මාත් ධනවාදීද..?? සැක්.. මේ කෙස්වැටුවා නිසා මගේ මොළේ කුරුවල් වෙනවා විතරයි..!"
'Amashi is calling..'
"හලෝ..
නෑ..
අදීශලයි ගෙදර..
ඕ..
වරෙන්..
හා..
හෙට දහයට..
නෑ.. සිරාවටම
බායි.. මච් ලව්..!""මොකෝ කියන්නේ..?" අදීශ් යසිරුගෙන් ඇහුවේ කට කොනින් හිනා වෙන ගමන්.. මොකද ඉතින් මෙච්චර වෙලා බැන්නේ කෙල්ලගේ අයියටනේ..
"හෙට එන එක බන්.. අමාතුයි වරාමලියි දෙන්න ම එනවා..! කෙස්වැටුවා මොනවා උනත් හොදක් ක්-"
"පිස්සුද බන්.. උන් දෙන්නා කොහොමත් දක්ශයි.. අධිලාශ් අයියා එහෙම තේරුවේ නෑහ්..!" මූටත් එකෙක්ට බැන්නොත් වැරද්ද තමා පේන්නේ..
YOU ARE READING
SAKURA
Romance"සල්ලාල පුත්තු..!!!" මිනිස්සු ප්රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙ ම එහෙමලු..!! මේ අළු මතින් ගොඩ නැගුණු ප්රභු පැලැන්තියේ සල්ලාල පුත්තුන්ගේ කැඩපත් කතාවයි...! WARNING!!! Copying Is Not Permitted!!! 2024.11.25