8 කොටස

29 3 0
                                    

ආවින්ද්‍ය තද දුඹුරු පාට කවර් එකක වේළුණු රෝස මලක් ප්‍රින්ට් කරලා තිබුණූ ලස්සන ඩයරි එකක් අරන් රීඩින් රූම් එකේ ජනේලයක් අයිනකට ගිහින් වාඩි වුණා.. ඩයරි එකේ පළවෙනි පිටුව පෙරලලා ඒකේ අකුරු උඩින් ඇඟිලි ගිනියලා බර හුස්මක් පහළ දමපු ආවින්ද්‍ය ජනේලයෙන් එළිය බැලුවා... ළාවට වැහි පොදකතු ගිය වෙලාවේ ආවින්ද්‍යගේ ක්ෂණික සිතුවිල්ලකට කෝෆි එකකුත් හදා ගත්තා.. චෙරි ගහ ළඟ තියෙන ටොම්බ්ස්ටෝන් එකේ අයිතිකාරියගේ අවුරුදු දහනමයකට විස්සකට කලින් මතකයන්, අඳුරු අතීතේ මේ පොත ඇතුළේ තියෙන්න පුළුවන්..!

"පසුතැවීමක් නොව පාපොච්චාරණයකි..!

මේජා අසෙනි චන්ද්‍රසිංහ..!"

පළවෙනි පිටුව හරවලා දිනේ දාලා තිබුණු තැන තියෙන චූටි පෙති හතේ මල් දිහා ටිකක් වෙලා බලන් හිටියා.. ඒක හත්පෙති මලක්..!! පළවෙනි පිටු කිහිපයෙ ම දොස්තර නෝන කෙනෙක් වෙන්න කොච්චර කැප උනාද, පවුල් පසුබිම වගේ නොයෙකුත් දේවල් ලියලා තිබුණා..

2005 දෙසැම්බර් 08
11.46 P.M

අලුත් දවසක අලුත් ආරම්භකයක්..! මම අද අලුත් පරිච්ඡේදයක් ඇරඹුවා මගේ ජීවිතේ.. මම- මම

'ආදරෙන් බැඳුණා..!'

මට ආදරෙ කියන්නේ මොකද්ද කියන්න තේරෙන්නේ නෑ..! පොඩි කාලේ ඉදන්ඕන උනේ හොඳට ඉගෙන ගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න.. සල්ලි හම්බ කරන්න.. වියදම් කරලා සතුටින් ඉන්න..

මම ඉගෙන ගන්න පුළුවන් උපරිමටඉගෙන ගත්තා.. ඕස්ට්‍රේලියා යන්න ස්කූල්ශිප් එකක් ලැබෙනකන්ඉගෙන ගත්තා.. තව අවුරුද්දකින් PhD එක ඉවර කරලා මම ලංකාවට යනවා.. ඒකත් මගේ අම්මා ආස වුණු පුංචි දොස්තර නෝනා වෙලා යනවා..! ලෝකේ ඉන්න හොඳම ශල්‍ය වෛද්‍යවරුන් දහ දෙනා අතරට තේරුණොත්-එහෙම උනොත් මම-මට තව අවුරුද්දක් තියෙන්නේ.. මගේ හීන ඔක්කොම හැබෑ කරන් මගේ අම්මව -නැහැ මාව අරන් හදා ගත්තු අම්මව රැජිණක් වගේ බලා ගන්න..!

SAKURAWhere stories live. Discover now