5 කොටස

29 3 0
                                    

"ගෝව ගෙඩියකුයි, අලගෙඩියකුයි කසාද බැන්දලු..."

"ඉතින්.??"

"ඉදපන්කෝ කියනකන්.."

"හා.. කියපන්කෝ ඉතින්..!"

"මේ ඩබල හනිමූන් ගියාලු... හනිමූන් එක ඉවර වෙලා දෙන්නා එනකං අනිත් එළවළු යාලුවෝ බලන් හිටියලු... අනේ ඉතින් අලගෙඩිය එනවලු, බොහෝම මහන්සි පාටින් වෙහෙස වෙලා නිදිමතේ.."

"-ටසිරි.."

"මොකද යකෝ..!!"

"නෑ.. නෑ.. කියපන්කෝ..!"

"ඉතින් අනිත් යාළුවෝ ඇහුවලු, 'මචං අලේ , කොහොමද නයිට් එක සුපිරිද.. හනිමූන් එක කොහොමද..' කියලා.."

"ඊට පස්සේ..?"

"හිටපන් හු#තෝ..!"

"කියපන් හු#තෝ..!"

"හු#ත කුණුහරුප කියන්න එපා..!"

"උඹත් ඔය කිව්වේ..!"

"ආ..!-කිරිආච්චිට කුරහන් කිව්වලූ.. හෙඩාට කාගෙන්ද ලව් ලෙටර් එකක් ලැබුණේ..!?"

අධිලාශ්ගේ ටකරං සද්දෙට මෙච්චර වෙලා එෆ්. බී. එකේ තියෙන දේවල් කියෙව්ව අයෝධ්‍ය පවා ආවින්ද්‍ය දිහා බැලුවේ, මෙච්චර ෆන් එකේ ඉන්න පුළුවන් tree house එකටත් මේ ලියුම් කෑල්ල ගෙනල්ලද කියලා බලන්න.. ඔය ඇහුවට අධිලාශ් පවා දන්නවා කාගෙන්ද ලියුම ලැබුණේ කියලා..

"ලොකූ..! ඕයි ලොකූ..!!"

ම්හ්.. මීක් කියලා සද්දයක් නැ.. ලියුමකට තාපසයෙක් වගේ සමවැදිලා බලන් ඉන්නවා.. වණගත කරානම් නරකද..

"යකෝ..! මූගේ කන් ඇහෙන්නේ නැද්ද..!"

"යකාට ගිහිපු රටලුනේ..!"

"උඹට කියන්න ලොකු අද දවසෙ ම මේ ලියුම් කෑල්ල දිහා බලන් හිටියේ..!"

අයෝධ්‍ය, අධිලාශ්ට නඩු කියද්දි මේ කිසිම දෙයක් කනට නොගත් ආවින්ද්‍ය තාමත් අර ලියුම දෙස දෑස් යොමා ගෙන..

"දවල් ලැබුණු එකද බන්..!"

"ම්ම්ම්.. ඒක නෙවි බන්..!!"

ඔන්න සමහරුන්ගෙන් පැණි බේරෙනෝ..!!

"ඕ..!"

අධිලාශ් ෆෝන් එකත් අතට අර ගන්න ගමන් අයෝධ්‍ය දිහා බැලුවා..

SAKURAWhere stories live. Discover now