4 කොටස

43 5 1
                                    

"SRB එක කෝ..!?"

"අයියේ අමතක උනානේ.. අනේ අද්-"

"අන්න අතන තියෙන කොළේ තවත් SRB එක අමතක කරන්නේ නැහැයි කියලා ලියලා දීලා පලයන්.."

"අනේ අයියේ.."

"කිව්වේ මොකද්ද.."

අලුත් දවසක ඉර පායලා.. ආවින්ද්‍යත් පාසලේ ප්‍රධාන ගේට්ටුව අසළ ඉදගෙන රාජකාරි කරනවා බලන් ඉන්නවා..

"ඒ මෙහෙ වරෙන්.!!! ඔව් ඔව් උඹ තමයි... ඔය කොණ්ඩ කුරුල්ලා වරෙන් කිව්ව ම.. උඹට අදත් මගුල් ගෙවල්ද..!!? ආහ්..!"

ආවින්ද්‍යගේ ඇහැ ගැටුණේ දවස් දෙකක් තිස්සේ මඟුල් ගෙවල්වල ගියපු කොල්ලෙක්..

"අ-අයියේ හුයියේ නෙවි.. අහපු දේට උත්තර දියන්.. මට මතකයි උඹ දවස් දෙකක් අහු වුණා.. ඒ දවස් දෙකේ ම උඹේ අයියයි මුත්තයි බඳිනවලුනේ.. තාම බැඳලා ඉවර නැද්ද.. ආහ්..!"

"අයියේ.. හෙට්-"

"උඹට හැමදාම මඟුල්ද.. යුගාන් මූව එක්කන් පලයන් කොණ්ඩේ කපන්න..!"

"අ-නේ අයියේ.. ප්ල්-"

"යුගාන්.!!!!!!"

"ඒ වරෙන් යන්න.. උදේ පාන්දර..!!"

''ඔය කළු ස්පෝට්ස් බෑග් එක මෙහෙ වරෙන්..!"

දැන් මෙතන ඉන්න ඩියුටි කරන සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා පස් හය දෙනත් එතන ඉන්න එවුන්ගේ අඩු පාඩු බල බල බෑග් චෙක් කරනවා.. එතන තිබුණු මේසයක් උඩ 'මම පාසලේ නීති කඩ නොකරමි'කියලා ලියපු සී ආර් කොළ වගයකුත් තිබුණා..

ඒත් එක්කම පාරේ ඈතට වෙන්න නවත්තපු කළු බෙන්ස් එකකින් කොල්ලෙක් කළු පාට බෑග් එකක් තනි කරට දා ගෙන බැස්සා.. ඔන්න දැන් අතන හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයත් මේ කොළුවා එන ගමන් විලාසයත් මග දී එකතු වුණු යාළුවත් එක්ක කයිය ගහන හැටිත් බලන් ඉන්නවා..

"අද නම් මූඩ් ගහලා නෑනේ ද.."

"ම්ම්ම්.."

ඒ අධිලාශ්.. ඒත් ආවින්ද්‍ය හිටියෙ නම් වෙන ම ලෝකෙක පාවි පාවි.. ඔන්න එනවා.. බර කතාවක්..!

"පිස්සු ද පගෝ.. අද ඉකෝන් මැඩම් එන්නේ නෑ කිව්වනේ.. උ-"

යසිරුගේ කතාව එතනින් ඉවරයි.. මොකද දැන් බෑග් චෙක් කරනවා.. ඊට වැඩිය ස්කෝලේ ටොප් බෝඩ් එකෙන් දෙන්නෙක් ම ඉන්නවා..

SAKURAWhere stories live. Discover now