"සුදු උස ක්‍රිකට් සෙල්ලම් කරන ප්‍රිෆෙක්ට් අයිය කෙනෙක්ට..!"
"දැන් ඉතින් කිව්වද..?"
"මොකද්ද.."
"ඔය කියන සුදු උස ප්‍රිෆෙක්ට් අයියට..?"
මම ළාවට හිනා වුණා.. ආවින්ද්‍ය අයියා මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා.. අපි හිටියේ හය වසර ක්ලාස් පැත්තේ.. හෝල් එකේ ළමයි කළා උළෙලට ප්‍රැක්ටිස් වෙනවා.. යසිරුලත් ගියා.. මමයි අමාශියි විතරයි ඉතුරු.. කොහෙද අමාශිත් ඩිපියුටිගෙ ඔළුව කනෝනේ.. හෝල් එක ඉස්සරහ තියෙන බැම්ම උඩ ටිකක ඉදගෙන මම කකුල් දෙක වන වන ඉද්දි මේක ආවානේ.. මාල ගිරවා දැන් දවස් දෙක තුනකට ඉදන් වැඩි කොහොමත්.. කෝෆි කේක් එකක් දීලා කයියට අල්ල ගන්නවා.. කොහෙද මගේ දිවත් නැවෙනවනේ කෝෆි කේක් එකට..!
"දැන් මන් හිනා වෙන මොකක් හරි කිව්වද තත්සල්..??"
"මං එහෙනම් ගිහින් කියලා එන්නම්.."
"ආහ්..?"
"සුදු උස ක්‍රිකට් ගහන හෙඩ් ප්‍රිෆෙක්ට් අයියට..!"
ආවින්ද්‍ය අයියා මගේ දිහා කන්න වගෙ බලන් ඉද්දි මම බැම්මෙන් බිමට පැනලා අඩි දෙක තුනක් පස්සට ගියා.. මට පේනවා මාල ගිරවෙක් ඇහි බැමක් උස්සන් මං දිහා කන්න වගේ බලන් ඉන්නවා..
හොඳ වෙලාවට ස්කූල් එකේ ළමයි නැත්තේ.. හිටියත් ඉන්නේ ග්‍රවුන්ඩ් එකෙයි නවරඟහලේයිනේ.. නැත්තන් හිතයි මගුල් නටනවා කියලා මෙතන..
මම ටිකක් පස්සට ගිහින් සාක්කුවට අත දාලා දැන් ටිකකට කලින් මාලගිරවගෙන් ලැබුණු ළා රෝස පාට චෙරි මලත් අතට අරන් ඉස්සරහට ඇවිද ගෙන ගියා.. සැක් ලැජ්ජයි වගේනේ.. මාල ගිරවා ළඟට ගිහින් හිට ගත්ත ම ගිරවා රෝස පාට වෙලා බැම්මෙන් බිමට බැස්සා...
"මම දැනන් හිටියේ නෑ සුදු උස ප්‍රිෆෙක්ට් අයියා මම කියලා..!"
ආවින්ද්‍ය අයියා කියද්දි මගේ බඩත් එක්ක කැලතෙන්න අරන් මලත් තව ටිකෙන් අතට පොඩි වෙනෝ.. මම එහෙම දේකට නෙවි ආවේ.. මම දත් තිස් දෙක පේන්න හිනා වෙද්දි කම්මුල් දෙක කාණුවක් වගේ වලක් ගැහෙන්නත් ඇති.. මම උගුර පාදලා මල මගෙ පපුව ඉස්සරහට ගෙනාවා..
YOU ARE READING
SAKURA
Romance"සල්ලාල පුත්තු..!!!" මිනිස්සු ප්රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙ ම එහෙමලු..!! මේ අළු මතින් ගොඩ නැගුණු ප්රභු පැලැන්තියේ සල්ලාල පුත්තුන්ගේ කැඩපත් කතාවයි...! WARNING!!! Copying Is Not Permitted!!! 2024.11.25