" හෙලෝ! ගැණියේ අල්ලපු වැටේ ඉඳන් මෙතැනට එන්න උඹ කෝච්චි බුක් කරනවද??"" ඉන්න රත්තරන්. මං තාම මගේ කේශ කල්‍යාණිය පීරලත් නෑ.විනාඩි 20න් ඔතන "
" අනේ අම්මපා... මොන ලෝකෙක හරි ඉන්න දෙයියෙක් මෙකී ට වෙලාවට වැඩක් කරන්න කියලා දීපන්. ඒස්වහ පුහ්!"
" එනවා බං එනවා. එහා පැත්තෙ කඩේ ඉඳපන් මන් එනකම්. අහ් මටත් එක්ක කල් කිරි එකකුත් ගන්න! TTDP "
"ටග්ගාලා වරෙ....."
ටීක් ටීක් ටීක්බදාදා 1.30 ස්කූල් ටයිම් එකෙන් පස්සෙ නුගේගොඩ කොච්චර කාර්යබහුල ද කියලා දන්නේ ඒක අත්දැකපු අය විතරයි. නුගේගොඩ ප්‍රසිද්ධ ටියුෂන් ක්ලාස් එකක එහා පැත්තෙ හදල තියෙන ක්ලාස් එන කපල්,ඩබල්, ත්‍රිබල්,සිංගල් හැමෝගෙම ෆේවරිට් ස්පොට් එකේ ඉඳන් දැන් මේ කෝල් එකෙන් ත්‍රිමේෂා ආදරණීය බස් දෙඩුවෙ වෙන කාටවත් නෙමේ වෙලාවට වැඩක් කරන්න දන්නේ නැති එයාගෙ හොඳම යාළුවා ඩියේෂි ට.
" අහ් ත්‍රිමේසාආආආආ...."
"ඇති යාන්තම් ආවා උබලා හරි. අරකි තාම අරහෙ කේශ කල්‍යාණි ය පීරනවා "
"අඩෝ නෝ .මෙකී අද ක්ලාස් ඉවර වෙන වෙලාවට වත් එයිද?"
ත්‍රිමේශාගේ පාළුව මකන්න එතැනට ආවේ සිහේලියි මල්ෂියි.මෙයාලා හතර දෙනා ගැන ක්ලාස් වල වැඩිය ප්‍රසිද්ධ නොවුණත් ඉස්කොලේ නම් දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඇකඩමික් පැත්ත වගේම විශය බාහිර වැඩවලදී කැපී පේන හතර දෙනෙක් විදිහට ගුරුවරු, ලමයි කොටින්ම අතු ගාන එක්කෙනා පාවා මෙයාලව දන්නවා.
" ඇඩ්මිෂන් ගන්නත් තියෙනෙවා බං. ඩියේෂි තාම නෑ. "
ත්‍රිමේශා ආයේ දෙස් දෙවොල් තිබ්බේ අදාළ පුද්ගලයා තාමත් නැති නිසා.
" අපි එද්දි ඒ පැත්තට ඔලුව දාලා ආවේ. හෙන සෙනග බං. ඔය කිව්වට අද පරක්කු වෙයි ක්ලාස් පටන් ගන්න මොකද ලමයි හැමෝම ඇඩ්මිෂන් ගන්නවා නේ. 4.30 ට නේ පංති. දැන් 4.05 යි නේ සෙනග අඩු වෙනකම් ඉඳලා 4.15 ට විතර ඩියේෂි එක්ක යන්."
සිහේලි ඒ කියනවත් වගේම එතනැට CHR කාර් එකක් ඇවිත් නැවැත්තුවා.
YOU ARE READING
"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"
Teen Fiction" ඔයා තාමත් එයා ගැන හිතනවා ද ඩිෂූ ? " " මං තාමත් රැළි දෙකකට තනි වෙච්ච වෙරළක් සයාශ්.."