ඩියේෂි පහුගිය සති දෙකේම හිටියේ හරිම නිහඩව. ගිය සතියේ බදාදා වෙච්ච දේවල් හැම තිස්සෙම ඩියේෂිට මතක් වෙනවා.ඒකත් නිතරම අශේන්ව ..කොච්චර දුකින් හිටියත් ඩියේෂි පෙන්නන්නෙම එයා අවුලකින් නෙමේ කියලා එයාගේ යාලුවොන්ට . ත්රිමේෂා ,මල්ෂි, සිහේලි ,යශ්මිත, ක්‍රිෂ් සහ සයාශ් නිතරම ඩියේෂි ගැන හොයලා බලනවා . ඩියේෂි ගිය බදාදා ෂෝ එකෙන් පස්සේ සිකුරාදා විතරයි ඉස්කෝලේ ගියෙත්. ඒ සතියෙම ක්ලාස් ගියේ නෑ . එතකොට මේ සතියටත් ඉස්කොලේ ගියේ නෑ . ඔලුව කැක්කුමත් තදටම ඩියේෂිට තියෙනවා .පහුගිය දවස් ටිකේම වැඩි හරියක් හොස්පිටල් වල .
වෙනදට ආසාවෙන් යන්න බලන් ඉන්න ක්ලාස් එක ඩියේෂි මගහරිනවා. සේරම අමතක කරලා ඉන්න හැදුවත් ඩියේෂිගේ හිතේ තියෙන්නෙම අශේන් එක්ක වචනයක් හරි කතා කරන්න ඕන කියන එක . අශේන් ගියාට පස්සේ යශ්මිතයි , ක්‍රිෂ් එක්කයි ඇරෙන්න ත්රිමේෂා එක්ක මැසේජ් වලින් කතා කරනවා.ඒත් අශේන් ත්රිමේෂා එක්ක කතා කරනවා කියලා ඩියේෂි දන්නේ නෑ . ඇරත් ත්රිමේෂා ඒ ගැන ඩියේෂිට කියන්න ගියෙත් නෑ .මොකද එයා දුකින් ඉන්න වෙලාවේ එයාට තවත් දුක හිතෙන්න දෙන්න බැරි නිසා . ඩියේෂි අශේන් එයාව බ්ලොක් කරලා කියලා දැන දැනත් මැසේජ් දානවා..ඒවා බලන්නේ නෑ කියලා ඩියේෂි හොදටම දන්නවා ..ඒත් එයා ඒකමයි කරන්නේ .
"අහ් කෝ ඩියේෂි! අද එන්නෙත් නැද්ද ක්ලාස්"
" එනවා කිව්වා යශ් .මන් දැන් ඇහුවම ලග කිව්වා "
"ඒකි අවුලෙන් නේද ඉන්නේ "
" ඔව් යශ්...ඒත් එයා ඒක එලියට පෙන්නන්නෙ නෑ ..අශේන් උබත් එක්ක කතා කරාද ? "
" ඔව් ඔව් මල්ෂි. මේ දවස් ටිකේම කතා කරා..ඌත් ඉතින් කරපු කියපුවට වොරි වෙනවා ...ඩියේෂි ගැන අහනවා "
අශේන් රට ගිහින් හරියටම සති දෙකකට පස්සේ තමා අශේන් ඇරෙන්න හිටපු සම්පූර්ණ කට්ටියම අද එකතු වුනේ. දැන් යශ්මිතලත් ඉන්න නිසා කට්ටියම ක්ලාස් එකට කලින් එහා පැත්තේ කැෆේ එකට එකතු වෙන්න පුරුදු වුණා. කට්ටියම ආවා.ඩියේෂි විතරයි එන්න හිටියේ ..අද කට්ටිය කතා වෙලාම ඩියේෂිව වේලාසන පන්ති ගෙන්න ගත්තා .
YOU ARE READING
"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"
Novela Juvenil" ඔයා තාමත් එයා ගැන හිතනවා ද ඩිෂූ ? " " මං තාමත් රැළි දෙකකට තනි වෙච්ච වෙරළක් සයාශ්.."