12 💌

53 4 8
                                    

" ඒ යශ් යකෝ යශ්!!! මන් බිබී හිටපු එක මගේ කටින්වුයි, නහයෙන්වුයි ඔක්කෝගෙන්ම ආවා"

" ඕයි ඩියේෂි..උඹ මේ සිරාවටම ද කියන්නේ "

ඉන්ටවල් එක වෙලාවෙදි සුපුරුදු පරිදි මූණමල් ගහ ගාවට එකතු වෙච්ච මෙයාලා මේ වට කරන් ඩියේෂි එදා වෙච්ච සේරම රඟදක්වමින් කියන්න ගත්තා.

"මොක්....කැහැ කැහැ....ඩියේෂි ඔයා මේ කියන්නේ ඇත්තම ද ? ඒකද යකෝ එදා යශ්මිත අපි දිහා බලලා හිනා වුනේ "

මල්ෂිට යශ්මිත මේ සේරම දේවල් කලින් ඉදන්ම දන්නවා කිව්වම බිබී හිටපු වතුර එකත් හිර වුණා.

" ඔව් ඔව් බං ඒක නිසා තමයි...උබලට කියන්න මට ඔය දේවල් ඌ කියද්දි මටම වල කපන් වැලලෙන්න හිතුණා "

යාලුවොන්ටත් පුදුමයි මේ අහන්න ලැබෙන දේවල් ගැන.

" හැබැයි ඩියේෂි යශ්මිත මොනා වුනත් හොද එකා නේ..."

" ඔව් බං හෙන හොඳයි ..මාත් එයට බටර් ගගා හිටියා "

" දැන් මේ දේවල් ත්‍රිමේෂා දන්නවද?"

සිහේලි ඒ ඇහුවේ අද ත්‍රිමේෂා ස්කෝලේ ආපු නැති නිසා.

" ඔව් මට AAT ක්ලාස් එකේදි හම්බුනා නේ ඉරිදා...එතකොට කිව්වා "

" දැන් ඉතින් කොහොමහරි කරලා අශේන් එක්ක කතා කරපන්..යශ්මිතගේ සපෝර්ට් එකත් තියෙනෙවා නේ "

" ඔව් ඒත් ඉතින් මට බලෙන් කතා කරන්න බෑ නේ..එයා ඔලුව උස්සල වත් බලන්නෙ නැ අඩුම "

" අනේ මන්ද ඩියේෂි..උබටත් මල්සරා විදපු විදිල්ල සුපිරියටම වැදිලා තියෙනවා "

" කටවහප් "

" උබ හෙන ලකී හැබැයි ඈ "

තුන් දෙනාම ටිකක් මේ ගැන කියව කියව ඉඳලා බෙල් කරාට පස්සේ පන්ති වලට එන්න ආවා.

..............................................................

"මෙතැනට වෙලා මල් කඩනවා..මන් තොපිලා දෙන්නා දාගෙන හොයනවා අර කැන්ටිම අස්සේ "

යශ්මිත සන් ක්රෂ් කෑන් තුනක් එක්ක එයාගෙ යාළුවො දෙන්නා ලමයි රොතු ගනන් එහා මෙහා දුවන ස්කූල් ග්රවුන්ඩ් එකේ ඉදන් ඉන්න තැනට ආවා..යශ්මිතව පොරකන කැන්ටිමේ තනියෙන් දාලා ගියපු එකට යශ්මිත කියව කියව එයාගේ අතේ තිබ්බ සන් ක්රෂ් දෙක දීලා එතැනින් ඉඳ ගත්තා.

"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"Where stories live. Discover now