14 💌

28 3 4
                                    

ගිය සෙනසුරාදා කියන්නේ ඩියේෂිට පිස්සු හැදිලා ඒ පිස්සුව තද වෙච්ච දවසක්. එයා ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවසක්. එයාගෙ යාළුවො, අම්මලා තාත්තලා එක්ක ගත කරපු සුන්දර දවසක්.

සේරම ඉවරවෙලා ආයේ සුපුරුදු ජීවන රටාවට ආපු ඩියේෂි දැන් මේ හෝ ගාලා ලෑස්ති වෙනවා අද ක්ලාස් යන්න. ඩියේෂි අද කවදාවත්ම නැතුව නොඉවසීමෙන් පන්ති යන්න බලන් ඉන්නවා. ඩියේෂි එදා බර්ත්ඩේ එක දවසේ දාපු එයාගේ පෝස්ට් එකකට අශේන් ලයික් කරලා තිබ්බා කියලා උඩ පැන පැන හිටියේ .

සුපුරුදු පරිදි 4.30 ක්ලාස් එකට ඩියේෂි 4.00 වෙද්දි ඇවිත් එහා පැත්තේ කැෆේ එකට වෙලා හිටියා . එතැනට ආවේ සයාශ්.

"විශ් කරන්නත් බැරි වුණා ..හැපි බිලේටඩ් බර්ත්ඩේ "

" අවුලක් නෑ සයාශ්..ඇයි ගිය සතියේ ආවේ නැත්තේ ? "

" පොඩි ප්‍රශ්නයක් වුණා ඩිෂූ.."

" හැමදේම හොදින් නේද ? "

"එහෙමමත් නෑ "

" ....... "

" කෝ අර කට්ටිය "

"සිහේලියි මල්ෂියි දැන් එයි ..ත්‍රිමේෂා තාම මග..ආ ඔය එන්නේ කියද්දිම "

කතාවත් එක්කම එතැනට ආවේ සිහේලියි මල්ෂියි.

"ආ සයාශ් මලේ...මොකෝ පේන්න හිටියේ නැත්තේ "

සිහේලි ඒ කියාගෙනම බෑග් එක තියලා ඩියේෂිගේ එහා පැත්තෙන් ඉද ගත්තා. මල්ෂිත් අනිත් පැත්තේ වාඩි වුණා. ටික වෙලාවක් ඕපදූප කිය කිය ඉද්දි සිහේලියි මල්ෂියි රිෂිප්ෂන් එක පැත්තට ගියා ටියුට් වගයක් ඉල්ල ගන්න .

" ඔයා යශ්මිතව අදුරන්නේ කොහොමද ඩිෂූ "

"අපේ තාත්තගේ යාලුවෙක්ගේ පුතෙක්..එක දවසක් ඩිනර් එකකදි හම්බුණා"

"ම්ම්"

"ඔයා දන්නවද එයාව "

"ම්ම් "

" සයාශ් මොකක්ද ප්‍රශ්නේ? "

"මුකූත් නෑ ඩිෂූ "

"මුකුත් නැති....යශ්!!"

ඩියේෂිට කියවුනේ ඈත තියාම කලබලෙන් එයාලා පැත්තට එන යශ්මිත දිහා බලලා.සයාශ්වුත් පිටිපස්ස හැරිලා බලලා අයේ ඉස්සරහ බලාගත්තා.

"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"Where stories live. Discover now