"ඒ ඩියේෂි!!! මේ බල්ලව අහකට ගනින්"
" ඌ ඌගේ පාඩුවේ නේ ඉන්නේ පොඩී "
" අනේ සාන්ත ...ඩියේෂි මූව ගනින්කෝ..මේ මූ ඉව කරනවා "
ඩියේෂි හිනා වෙවී ඇවිත් යශ්මිතගේ ඇගට පැනලා යශ්මිතව කවර් කරන් හිටපු කේන් ව ගත්තා .
" කේන් බහින්න ..කෝ එන්න මෙතැනට "
ඩියේෂිගේ අම්මා යශ්මිතලටත් එක්ක කෑම හදන්න කියපු නිසා ලීලා නැන්දා එයාලටත් එක්ක ඩිනර් රෙඩි කරලා තිබ්බා . ඩියේෂි විනාඩියක් දෙන්න කියලා එයාගේ කාමරේට ගියා චේන්ජ් කරගන්න .
"නන්ගා මොකක් හරි අවුලකින් නේ ඉන්නේ පොඩී ..වෙනදට ඔහොම නෑ..උබ මොනා හරි කිව්ව ද "
"පිස්සු ද බන් ..මන් ගෙදර යද්දි සීන් එක කියන්නම් "
ඒ එක්කම ඩියේෂිත් පහලට ආවා .
" එන්න අයියේ ..යශ් එන්න.."
තුන් දෙනාම ඇවිත් ඩයිනින් ටේබල් එකේ ඉදගත්තා . ඩියේෂි යශ්මිත ගේ එහා පැත්තෙන් ඉදගත්තම අයියා එයාලා ඉස්සරහ ඉද ගත්තා.
"ම්ම්....ආන්ටිට රසට කෑම හදන්න පුළුවන් නේ ..මරු ඈ...එනවද අපේ ගෙදර යන්න "
" නෑ නෑ ලීලා නැන්දාව කාටවත් දෙන්නේ නෑ..එයා මගේ "
යශ්මිතයි ඩියේෂියි ලීලා නැන්දව බෙදා ගන්න බැරුව යුද්ධ කරද්දි ලීලා නැන්දයි අයියයි හිනා වෙනවා . කාලා බීලා ඒ දෙන්නා ගෙදර යන්න පිටත් වුනා ..ඩියේෂියි කේන් වුයි ගේට් එක ගාවට ඇවිත් ඒ දෙන්නා යන දිහා බලන් හිටියා.
" ඔහොම අවුලෙන් ඉන්න එපා බන් ..මන් උබට කියන්නම් සීන් එක මුල ඉදන් ..හැබැයි දැන්ම නෙමේ ..අශ් කෑ ගහපු එක ගණන් ගන්න එපා ..ඌත් අවුලෙන් හිටියේ..ඌ කතා කරයි ආයේ "
" ම්ම්..ගෙදර ගිහින් මැසේජ් එකක් දාපන් ..ගුඩ් නයිට් ..බායි අයියා..බායි යශ් "
" බායි බායි "
කේන් එක්ක ගේ ඇතුලට ඇවිත් සෝෆා එක උඩට වැටිලා වෙච්ච දේවල් අමතක කරන්න උත්සාහ කරන්න ගත්තා .
"අහ් බේබි ..මොකද මේ ? අසනීපයක් ද ? "
" නෑ නැන්දේ ..ඔලුව ටිකක් රිදෙනවා. "
YOU ARE READING
"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"
Teen Fiction" ඔයා තාමත් එයා ගැන හිතනවා ද ඩිෂූ ? " " මං තාමත් රැළි දෙකකට තනි වෙච්ච වෙරළක් සයාශ්.."