" ඩියේෂිව හම්බුනාද ? "
" ඔව් "
" උබ කිව්වද සීන් එක "
" නෑ ..ඉවර වෙලා කියන්නම් "
අශේන් එයාලා ඉදගන්න තැනට ආවා .පූජා නර්තනය ,පිළිගැනීමේ කතාවයි බෑන්ඩ් ෂෝ එකේ ඉතිහාසයයි සේරම ඉවර වෙලා වෙස්ටර්න් බෑන්ඩ් එකේ තමා මුලින්ම පෆෝමන් කරේ . තව පෆොමන්ස් දෙකකින් පස්සේ ඩියේෂිලගේ බෑන්ඩ් පෆෝමන්ස් එකට ස්ටේජ් එක රෙඩි වෙන ගමන් තිබ්බේ .
කොහොමහරි විනාඩියකින් විතර පස්සේ ස්ටේජ් එක අදුරු වුනා. බෑන්ඩ් එකේ අනිත් ලමයි සේරම ඇවිත් එයාලගේ ප්ලේසස් වල සෙටල් වුණා. ඔක්කොමට පස්සේ ඩියේෂි කොම්බුව උරහිසේ රදවන් ඇවිත් ඕසියන්ස් එකට ග්‍රීට් කරා .
" ඒ ඒ අශ් ...ඩියේෂි නේද අර "
යශ්මිත ඩියේෂි දිහාවටයි අශේන් දිහාවටයි මාරුවෙන් මාරුවට බල බල ඇහුවා .
"ම්ම්"
" ඒ යශ්..ලස්සනයි නේද බන් ..සිරාවටම ලස්සනයි "
පැත්තක ඉදපු ක්‍රිෂ් වුත් ඩියේෂිව වර්ණනා කරා . ඩියේෂිට අශේන් ව පේන්නේ නැති වුණාට අශේන් ගේ ඇස් නැවතිලාම තියෙන්නේ ඩියේෂි ගාව .
ඩියේෂි ග්‍රීට් කරාට පස්සේ හක්ගෙඩි දෙකක් අරන් තව කෙල්ලො දෙන්නෙක් එයාගේ දෙපැත්තට ඇවිත් හිට ගත්තා . ඩියේෂි එයාගේ කොම්බුව කෙලින් කරන් පහලට නැමුණම අනිත් දෙන්නත් හක්ගෙඩි දෙක අරන් ඒ විදිහටම නැමිලා තුන් දෙනාම එකට පිබින්න ගත්තා . පලවෙනි තම්මැට්ටම් සද්දෙට ඩියේෂිගේ එහා පැත්තේ ඉදපු දෙන්නා ස්ටේජ් එක දෙපැත්තේ හිට ගත්තා . ඒ එක්කම ඩියේෂි කොම්බුව එයාගේ උරහිසේ රදවගත්තා .. දෙවෙනි තම්මැට්ටම් සද්දෙන් හැමෝම තම තමන් වාදනය කරන භාණ්ඩ ලෑස්ති කරගත්තා .තුන් වෙනි තම්මැට්ටම් සද්දෙන් සද්දෙට ඩියේෂිගේ දකුණු අත කෙලින් වෙලා තුන් පාරක් කවුන්ට් කරල ගැට බෙරයි තම්මැට්ටම් වුයි තාලෙට ගහන්න පටන් ගත්තා . ඒ එක්කම බටනලා සද්දෙත් එකතු වෙලා සින්දු දෙකක් එක්ක එයාලගේ පෆෝමන්ස් එක ඉවර වුණා . ඩියේෂි ග්‍රීට් කරලා ස්ටේජ් එකෙන් ගියා .
ආරාධිත පාසල් වල බෑන්ඩ් පෆෝමන්ස් දෙකකට පස්සේ ත්රිමේෂා එයාගේ සින්ගින් පෆෝමන්ස් එක කරා . ඊටත් පස්සේ සිහේලි එයාගේ ඇක්ටින් එක ඉවර කලා ..ඒ දෙන්නගෙම පෆෝමන්ස් ඉවර කරලා ස්කූල් යුනිෆෝම් ඇදන් ඉදගන්න ආවා . ඩියේෂිගේ ඩාන්ස් පෆෝමන්ස් එක දැන් තමා ඉවර වුණේ ..ඉතින් ඩියේෂි ඒකත් ඉවර කරලා ටග්ගාලා ස්කූල් යුනිෆෝම් එකට චේන්ජ් වෙන්න ගියා .
YOU ARE READING
"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"
Fiksi Remaja" ඔයා තාමත් එයා ගැන හිතනවා ද ඩිෂූ ? " " මං තාමත් රැළි දෙකකට තනි වෙච්ච වෙරළක් සයාශ්.."