පහුගිය සති ටිකම ගෙවිලා යනවා ඔරලෝසුවේ වෙලාවත් එක්කම. බෑන්ඩ් ෂෝ එකට හරියටම තව සති දෙකයි . ඩියේෂිටයි එයාගේ යාලුවොන්ටයි හෝ ගාලා එයාලගේ ක්ලාස් වැඩ ,ස්කෝලේ වැඩ මගහැරෙනවා . වෙනදා වගේ නෙමේ ගිය මාසෙම තනිකර පිස්සු හැදිච්ච මාසයක් ඩියේෂිටයි එයාගේ යාලුවොන්ටයි ..නිතරම ප්රැක්ටිස් නිසා ක්ලාසස් කට් වෙනවා ..ඒවා කවර් කරගන්න ඔන්ලයින් යන්න වෙනවා .ඒකත් බැරි වුනොත් මහ පාන්දර නැගිටන් ඒවල රෙකෝඩින්ගිස් බලන්න වෙනවා . ඒලවල් ඉතිම් ලෑස්ති කට්ටක් නෙමේ නේ . ඒකත් ඩියේෂිලා තාම ඒලවල් කරන්න පටන් අරන් මාස තුනක් වගේ පොඩි කාලෙක මෙච්චර වැඩ ගොඩක් ? කොහොම කියලා කරන්නද ? ඒත් ඉතින් කරන්න වෙනවා .
බදාදා දවසට කොච්චර ඩියේෂි ආසද කියන්න ඩියේෂි විතරයි දන්නේ ..පහුගිය දවස් ටිකේම යාලුවො හතර දෙනාටම ඔය බදාදා ක්ලාස් එකේදි එකට හම්බෙන්න බැරි වුණා .ස්කෝලේ වැඩ නිසා ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක්ට හරි ක්ලාස් මිස් වෙනවා එදාට. එක දවසක් ත්රිමේෂා විතරයි ක්ලාස් ආවේ.අනිත් තුන් දෙනාම ස්කෝලේ . ඒ වගේ එක්කෙනෙක්ට හරි පහුගිය සති ටිකේ ක්ලාස් එන්න බැරි වෙලා ඒ හතර දෙනාම හම්බෙන දවස නැති වෙනවා. අනිත් ක්ලාස් වලටත් එහෙන්මමයි .ඩියේෂි Econ ක්ලාස් එක මොන වගේද කියන්නත් මතක නැති වෙන්නම එයාට ඒ ක්ලාස් එක මිස් වෙලා තිබ්බා .ඒත් ඒ මගහැරිච්ච වැඩ ඔන්ලයින් ක්ලාස් වලට හරි ජොයින් වෙලා කරගන්න ඩියේෂි විතරක් නෙමේ අනිත් තුන් දෙනා අමතක කරේ නෑ .
ඩියේෂියි එයාගේ යාලුවොන්වුයි අශේන් සහ එයාගේ යාලුවො අතරේ ඇති කරන් ඉන්න බොන්ඩ් එක වෙනම එකක් . ඒ හත් දෙනාම දැන් නිකන් ඉපදුන දවසේ ඉදන්ම අදුරනවා වගේ හැසිරෙන්නේ. ඒක ක්ලාස් එකේ අනිත් සමහර අයට ලොකු ප්රශ්නයක් වුණත් ඒ කිසිම දෙයක් මේ හත් දෙනා නම් ගනන් ගත්තේ නෑ .
හොදම දේ කියන්නේ ඩියේෂියි යශ්මිතයි නේ ගොඩක්ම ඔතනින් ෆිට් .ඉතින් ඒ දෙන්නා අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා කටකතා ක්ලාස් එක වටේම පැතිරෙනවා . ඩියේෂි ?? යශ්මිත?? ඔව් ඒ දෙන්නටත් ඒ කටකතා ඇහුනම පුදුමයි තමයි . ඕක පලවෙනි පාර ඒ දෙන්නට ඇහුනම දෙන්නම කරේ බඩ අල්ලන් හිනා වෙන එක . කොටින්ම මේ හත් දෙනාටම ඒකටනම් හිනා යන්නේ ඒක ඇවිත් හරිම අසාර්ථක තාත්වික කටකතාවක් නිසා .
YOU ARE READING
"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"
Roman pour Adolescents" ඔයා තාමත් එයා ගැන හිතනවා ද ඩිෂූ ? " " මං තාමත් රැළි දෙකකට තනි වෙච්ච වෙරළක් සයාශ්.."