10 💌

32 3 2
                                    

අද සෙනසුරාදා. පහුගිය දවස්වල ඩියේෂිගේ හිත එක තැන ඇත්තෙම නැති තරම්. හැම දාම නිදා ගන්න යන්න කලින් අශේන්ගේ ප්‍රොෆයිල් පික් එකයි, මල්ෂියි, ත්‍රිමේෂයි ක්ලාස් එකේදි ගත්තු ඒ දෙන්නා එක ලග ඉන්න ෆොටෝස්වුයි බල බල ඇද උඩ පැන පැන වෙනම පිස්සුවක් නටනවා. නටපු පිස්සුවල තරම කොච්චරද කියනව නම් බ්‍රහස්පතිදා ඔය පිස්සුව නටන්න ගිහින් ඇදේ දාරෙක ඔලුවත් වද්දන් හිටියේ .අම්මට කිව්වේ නින්දෙන් ඇදෙන් වැටුණා කියන සිගිති බොරුව.

" Beggin' on her knees to be popular
That's her dream, to be popular (huh)
Kill anyone to be popular
Sell her soul to be popular (popular)
Just to be popular (uh-huh)
Everybody scream 'cause she popular (huh)
She mainstream 'cause she popular
Never be free 'cause she popular "

නිවාඩු දවස නිසා ටිකක් පරක්කු වෙනකම් නිදන් නාලා කාලා ඩියේෂි දැන් මේ එයාගේ කාමරේ අස් කරනවා මුළු ගෙදරටම ඇහන්න සින්දු දාන් . ඩියේෂි කොහොමත් පිලිවෙලට ඉන්න කැමති ලමයෙක්. එයා සෙනසුරාදා දවස ගොඩක් වෙලාවට කාමරේ අස් කරන්න දාගන්නවා. කේන්වුත් පැත්තකට වෙලා ඩියේෂිගේ ඇදේ තියන ප්ලශීස් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා.

"කෝ කේන් බිමට බහින්න. අර ඇදත් හැටි කරලා ....."

කේන් ඩියේෂිගේ වචනේට ඇදෙන් බැහැලා සෙල්ලම් බඩුවකුත් කටේ තියන් ඩියේෂිගේ වොශ් රූම් එක ගාවට ගිහින් ඉඳගත්තා.

ඩියේෂි ඇදත් හදලා කොස්ස අරන් කාමරේම අතු ගාලා පල්ලෙහට ඇවිත් කුස්සිය පැත්තට ඔලුව දාලා එයාලගේ ගාර්ඩන් එක පැත්තට ආවා .එතැන හදලා තියෙනවා පොඩි සිටින් ඒරියා එකක් ලස්සනට ගස් එහෙම වවලා outdoor swing එකකුත් දාලා පුටු හතරකුත් දාලා.එතැනට යද්දිත් ඩියේෂිගේ අම්මයි තාත්තයි එතන ලොකූ කතාවක.

" මෙන්න බලන්කෝ මේ දෙන්නා..හායි තාත්තේ...අද උදේද ආවේ? "

ඩියේෂි ගිහින් එයාගේ තාත්තට සයිඩ් හග් එකක් දීගෙන තාත්තා හිටපු පුටුවෙම ඇන්දේ ඉඳගත්තා .කේන්වුත් ඩියේෂි එක්කම ඇවිත් ඩියේෂිගේ අම්මා ඉදන් හිටපු පුටුවට එහා පැත්තේ පුටුවට නැගලා ඉදගත්තා.

" ම්ම්..පාන්දර ආවේ..කොහොමද වැඩ මේ දවස් වල "

" ශේප් එකේ කරන් යනවා තාත්තේ..තාම පටන් ගත්තා විතරයි නේ "

"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"Where stories live. Discover now