3 💌

41 4 0
                                    


ක්ලාස් එක ඇතුලට ඇවිත් ඉඳගන්න අදි මදි කර කර හෙව්වෙ අර කොල්ලා ඉන්න පෝලිම.ටික වෙලාවකින් එයාව හොයාගත්තා. එත් එයාගෙ එහා පෝලිමේ කෙල්ලො දෙන්නෙක් දැනටමත් ඉඳගෙන. ඊට පෝලිම් දෙකක් විතර පිටිපස්ස පොලිම හිස් කියලා දැක්ක ඩියේෂි ටග්ගාලා එතැනින් ඇවිත් ඉදගත්ත.බිත්තිය ගාවම සිහේලි, ඊටපස්සෙ ත්‍රිමේෂා ඩෙස්ක් එක පටන් ගන්න තැනම ඩියේෂි.

"පශ්චාත් බාගෙ විතරයි පේන්නේ එයාගේ අනීව්"

" ඈත ඉදන් හරි බලන්නත් මෙව්වා එක තියෙන්න ඕනේ "

" කමක් නැහැ. දුකක් නෑ . ඇයි බන් ඌ ෆෝන් එකේම ඔලුව ඔබන් ඉන්නේ. පොඩ්ඩක් වට පිට බලන්න කියාපන්කො "

" අර එයාගෙ එහා පැත්තෙ ඉන්න යාලුවා නම් හොඳයි වගේ. අර පිටිපස්ස හැරිලා තඩි පචයක් දිග හරිනවා "

" ආව්ස් ආව්ස් සිහේලි..ආසයි වගේ "

" අනේ මට වැඩේමයි "

ඒ කොල්ලො තුන් දෙනා ඉන්න පෝලිමේ මුලින්ම ඉන්නේ ඩියේෂිගේ අරයා. ඉට පස්සෙ ලාවට gym බොඩියක් තියෙන කෙනා .පස්සෙ අර එදා ඩියේෂිට බෑග් එක ගන්න කියපු කොල්ලා. අර මැද ඉන්න කොල්ලා කිව්වත් වගේ පිටිපස්ස හැරිලා කතාවක. අනිත් දෙන්නා නම් එයාලගෙ වැඩ වල. ඩියේෂිගේ අරයා සුපුරුදු පරිදි ෆෝන් එකේ ඔලුව ඔබාගෙන.

ලමයි තාම ක්ලාස් එක ඇතුලට එනවා. ඩියේෂිගේ ඇස් සැරෙන් සැරේ අදාළ පුද්ගලයාගේ පිටිපස්සෙන් පේන රූපේ ගාව.

" ඩියේෂි අර කැෆේ එකේදි කතා කරපු කොල්ලා..උබේ එහා පැත්තෙ ඉන්නෙ "

ඩියේෂි ත්‍රිමේෂා දිහා හැරුණේ එයා කියපු කතාවට. එත් එක්කම අනිත් පැත්තට හැරුණු ඩියේෂි දැක්කේ එයා දිහා බලන් ඉන්න සයාශ් ව .ආයේ ඩියේෂි මුකුත් දැක්කේ නෑ වගේ ත්‍රිමේෂා දිහාවට හැරුණා.

" දකින දකින තැන මූ නේ බං "

" ඌ උබට ලයින් වගේ තේරෙන්නේ නැද්ද බං "

" මොන.....පිස්සුද බං මන් හිතන්නේ නැ "

"හිතන්නේ නැති දේවල් තමයි වෙන්නේ "

" හරියට නිකන් මන් අරයාව දැක්ක වගේද "

ත්‍රිමේෂට ඇහින් පෙන්නුවේ ඩියේෂිගෙ අරයව.
කියපු වචන අපරාදේ වගේ ලුක් එකක් දාලා ත්‍රිමේෂා ආයේ එයාගෙ වැඩක් කරන්න ගත්තා.
ඩියේෂි ආයේම අරයා දිහා ක්ලාස් එක පටන් ගන්නකම්ම බලන් හිටියා.

"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"Where stories live. Discover now