13 💌

28 3 6
                                    

බදාදා දවස ගැන කතා කරොත් ඩියේෂි නම් වෙනදා තරම් සතුටින් ඒ පැය ගාණ ගත කරා කියලා කියන්න බැහැ.ඩියේෂි ඉන්නේ ලොකු අවුලකින් කියන එක එයා අවට ඉන්න අයට තේරිලා ඉවරයි.වෙනදට මූණේ ඇදිලම තියෙන හිනාව එදා නම් තිබ්බෙම නැති තරම්. හිනා වුණත් ඒක මවාගත්තු හිනාවක්. ඒ අවුලට හේතු කීපයක්ම තිබ්බා.

එදා ප්රැක්ටිස් ඉවර වෙද්දි 4.30 ට කිට්ටුයි.ක්ලාස් පොත් අරන් ගියපු නිසා ඩියේෂි තීරණය කරා ගෙදර ගිහින් එන එක තේරුමක් නැති එකේ යුනිෆෝම් එක පිටින්ම ක්ලාස් එකට යනවා කියලා . ඉස්කෝලේ ඉදන් ටික දුරයි නිසා ප්රැක්ටිස් ඉවර වෙලා එහෙන්මම ක්ලාස් එකට ආවත් එයාව පල්ලෙහම ෆ්ලෝ එකේ නතර කරගත්තේ එයාගෙම ස්කෝලේ එයාගෙම වයසේ එයා හොදට අදුරන ලමයෙක්.

"තමුන් ඉස්කෝලෙත් ගන්න ඕන සේරම අවධානේ අරන් තියෙන්නේ. ඒ පාර ක්ලාස් එකෙත් රගන්න පටන් ගත්ත ද ? "

කිසිම දෙයක් හිතාගන්න නොදී එක පාරටම ඇගට පැන්න නිසා ඩියේෂිට වුනත් මේ වෙන දේ හිතාගන්න බැ.යාලුවොත් ක්ලාස් එක ඇතුලේ ..

"සිතුම්දි!! මො..මොකද මේ "

සිතුම්දි කියන්නේ කිව්වත් වගේ ඩියේෂි හොදටම අදුරන ලමයෙක්..ඩියේෂිත් එක්ක ඒ කාලේ ඉදන්ම වැඩි කතාබහක්,වැඩි මූණදීමක් තිබ්බේ නැති වුණත් ඉස්කොලේ වැඩ වලදි නිතරම මේ දෙන්නා හම්බවෙලා තියෙනවා.

"බබෙක් වෙන්න එපා ඩියේෂි..තමුන් මහම මහා විකාරයක්!! මට කියන්න තියෙන්නේ මෙච්චරයි .අශේන්ගෙ සෙට් එකෙන් ඈත් වෙලා ඉන්න!! නොකිව්වයි කියන්න එපා "

ඒ කියගෙන සිතුම්දි පඩිපෙලත් නැගන් ගියා. ඩියේෂිට නම් දැන් මේක හොදටම අවුල්. ඒකත් මෙතන අශේන්ගේ නම ගෑවිච්ච එක සහ එයා කතා කරපු විදහ. මීට කලින් කවදාවත්ම කෙනෙක් ඩියේෂිට මෙහෙම කතා කරලා නෑ.ක්ලාස් එකට ගිහින් ඉදගත්තත් ඩියේෂිගේ හිත නම් එක තැනක නෑ. යාලුවොන්ට කිව්වම එයාලටත් මේක ප්‍රශ්නක්. ඊටත් ඩියේෂි එහෙම අවුලෙන් ඉන්න එක. එදා ඩියේෂිලා හිටියේ අශේන්ලගේ පෝලිම ඉස්සරහ. සයාශ් නම් ක්ලාස් ඇවිත් තිබ්බේ නෑ .
................

පහුගිය දවස් ටිකේම එල්ලන් ඉදපු ඩියේෂිගේ මූණ ඔන්න අද නම් සතුටින් පිරිලා ගිහින් .අද සෙනසුරාදා .ඒ කියන්නේ ඩියේෂිගේ බර්ත්ඩේ එක තමා අද .

"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"Where stories live. Discover now