"මොනාද බන් අර ඡී.ඊ. පේපර් එකේ අහලා තිබ්බේ...මිසිස් පෙරේරාගේ ලමයට දාපු නම මන් කොහොමද යකෝ දන්නේ...."
"අන්ගවිකල පේපර් එකක් බන් ඒක "
දින සති ගෙවිලා යනවා හෝ ගාලා ..හා හා පුරා කියලා ඒලවල් භීෂණේ පලමු අදියරේ පලවෙනි වාරේ විභාගෙත් පටන් ගත්තා .අද තමා ඒකෙත් අන්තිම දවස.ඉතින් විභාගයක් ඉවර වුණාම තියෙන සතුට ගැන ආයේ අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ නේ .
අශේන් ගිහින් දැනට මාස දෙකකට කිට්ටුයි. ඩියේෂිත් සේරම ප්‍රශ්න කර අමතක කරලා එයාගේ සුපුරුදු ජීවිතේ පටන් ගත්තා. ඔලුව කැක්කුමටත් බෙහෙත් කරලා ඒක දැන් අඩු වෙලයි තිබ්බේ..ඒත් දැන් මේ විභාගේ දවස් වලට එන ස්ට්රෙස් එක නිසා ආයෙම ටික ටික ඔලුව කැක්කුම අල්ලනවා.
අශේන් ගිහින් මාසයක් යනකන්වුත් බ්ලොක් කරපු නම්බර් එකට ඩියේෂි ගොඩක් වෙලාවට මැසේජ් දැම්මා..ඒ මාසයක් යනකන් විතරයි. ඒක තේරුමක් නැති දෙයක් කියලා හිත හදන් ආයේ මැසේජ් දාන්න ගියේ නෑ . යශ්මිත නිතරම ඩියේෂිට අශේන් ගැන පොඩි පොඩි විස්තර කියනවා. ත්‍රිමේෂා එක්ක නිතරම අශේන් මැසේජ් හුවමාරු කරන් ඩියේෂි ගැන හොයලා බලනවා .තාමත් ඩියේෂි මේ ගැන දන්නේ නැ . ආයේ අශේන් ගැන ඩියේෂි වැඩිය කියවන්න ගියෙත් නෑ .මාස දෙක ඇතුළත මේ හත්දෙනා පුදුම විදිහට එකතු වුණා.හරිනම් අටක් ඉන්නවා සෙට් එකේ ..ඒත් එක්කෙනෙක් රට නේ දැන් .
හෝව් හෝව් ! පලවෙනි ටර්ම් ටෙස්ට් එක නොවැම්බර් තියෙන එක පුදුමයි නේද ? ඒක කොව්ඩ් වලින් පස්සේ ඕලවල් කරපු අයට නම් හුරුයි. කොහොම වුණත් නොවැම්බර් අග නිවාඩුව දීලා ආයේ පටන් ගන්නේ ජනවාරි මුල. ඔව් ඒක දිග නිවාඩුවක් . මන් නෙමේ නේ ආණ්ඩුව නේ දුන්නේ ..
ඉතිම් ටර්ම් ටෙස්ට් එක ඉවර වීමේ ප්‍රීතිය සනිටුහන් කරන්න ඩියේෂි, ත්‍රිමේෂා, සිහේලි, මල්ෂි , යශ්මිත, ක්‍රිෂ් සහ සයාශ් කට්ටියම අද හවස ෆිල්ම් එකක් බලන්න යන්න කතා වුණා.ගෙවල් වලින් කැමැත්ත ගන්න එක කෙල්ලොන්ට චුට්ටක් අමාරු වුනාට යශ්මිතලත් එන නිසා ඒක ලොකූ ප්‍රශ්ණයක් වුනේ නෑ. කතා වෙච්ච විදිහට මුලින්ම කෙල්ලෝ හතර දෙනාම ඩියේෂිලගේ ගෙදර ඇවිත් කාලා බීලා ලෑස්ති වුණා. යශ්මිතයි යශ්මිතගේ අයියයි ගන්න එනවා කිව්වා කෙල්ලො සෙට් එකවම. වැඩිහිටියෙකුත් ඉන්න එපෙයි නේ .
YOU ARE READING
"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"
Teen Fiction" ඔයා තාමත් එයා ගැන හිතනවා ද ඩිෂූ ? " " මං තාමත් රැළි දෙකකට තනි වෙච්ච වෙරළක් සයාශ්.."